සේනා ආවේත් මෙහෙම ද | දිනමිණ

සේනා ආවේත් මෙහෙම ද

රටින් ගෙනා බඩඉරිඟු තොගයක නාඳුනන ඇට වර්ගයක්

විදේශයකින් මෙරටට ගෙනා බඩ ඉරිඟු තොගයක හඳුනා නොගත් ඇට වර්ග කීපයක් හා ඉරිගු ශාකයේ කොටස් දැකගන්නට ලැබෙන බව මාරවිල ප්‍රදේශයේ සත්ව ගොවිපොළකින් වාර්තා වෙයි. පසුගිය නොවැම්බර් මස විසි එක්වන දින මේ බඩ ඉරිගු තොගය මාරවිලට ගෙනවිත් ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් කන්ටේනර් රථයකිනි. ආනයන නීතිරිති අනුව බඩ ඉරිඟු ගෙන්වීමේදී ශාක නිරෝධායන ඒකකයෙන් නිසි පරික්ෂාවකට ලක්කළ යුතු අතර එසේ කළේ නම් මේ අන්දමින් ඇට වර්ග හා ශාක කොටස් මේ බඩ ඉරිඟුවලට ඇතුළත් වුයේ කෙසේද යන්න ගැටලුවක් බව මේ සත්ව ගොවිපොළේ හිමිකරු සුනන්ද අප්පුහාමි මහතා පැවසීය. මේ දිනවල ව්‍යසනයක් බවට පත්ව ඇති සේනා දළඹුවා මෙරටට පැමිණි ආකාරය පිළිබද පරේෂණ පවත්වන ආයතන හා නිලධාරීනට මේ පිළිබඳ සියලු තොරතුරු ලබා දීමට ද සුනන්ද අප්පුහාමි මහතා කැමැත්ත පළ කර ඇත. මේ ගෝනි කීපයක් කඩා පරීක්ෂා කිරීමේ දී මේ ඇට වර්ග හා ශාක කොටස් සැලකියයුතු ප්‍රමාණයක් තිබෙනු දැකගන්නට ලැබිණි. මීට අමතර මේ බඩ ඉරිඟුවල සුදු පැහැති කුඩක් ද දක්නට ලැබේ. මේ ගැන විමසීමට ශාක නිරෝධායන ඒකකය ඇමතුවත් තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කරන ලදී.

ප්‍රසාද් පුර්ණමාල් පුත්තලම දිසා සමුහ


නව අදහස දක්වන්න