‘සේනා‘ මර්දනයට දේශීය ශාක අමුද්‍රව්‍ය කොටස් | දිනමිණ

‘සේනා‘ මර්දනයට දේශීය ශාක අමුද්‍රව්‍ය කොටස්

 දැනට විවිධ ප්‍රදේශවලින් සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා යොදාගෙන ඇති රසායනික ගොවීන්ට අසාත්මිකතා ඇතිවේද, මේ රසායනික ද`ව්‍ය භාවිතයෙන් අනතුරුව නෙලා ගන්නා ලද බෝග පරිභෝජනය කරන ජනතාවට ඉන් සෞඛ්‍ය ගැටළු මතුවේද යන්න  පිළිබඳ විශේෂ පරීක්ෂණ සිදුකරන බවකෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් ඇමැති පී. හැරිසන් මහතා කියයි.
 
දැනට ඇතැම් දිස්ත්‍රික්කයන්හි රසායනිකද්‍රව්‍ය සොයාගෙන ඇතත්, ඒවා භාවිතයෙන් ජනත සෞඛ්‍ය ගැටළුවලට මුහුණපෑමට ඉඩ ඇති බවත්, භාවිතයට නුසුදුසු විෂ සහිත රසායනික ද්‍රව්‍ය භාවිත නොකොට දේශීයව කොහොඹ වැනි ශාක අමුද්‍රව්‍ය කොටස් භාවිත කොට දළඹුවා පලවා හැරීමේ ක්‍රමවේද සකස්කරන මෙන් ඇමැතිවරයා ගොවීන්ගෙන් ඉල්ලීමක් කරයි.වෙනත් රටවල මෙන් දහයියා අළු සහ පස් දියකොට වගාවන් සඳහා යෙදීමෙන් දළඹුවා පලවා හැරීමට හා යම් මර්දනයකට ලක් කළ හැකි බවද ඇමැතිවරයා පෙන්වා දෙයි. 
 
දැනටමත් කාර්ය සාධන බලකායක් සහ විශ්ව විද්‍යාල  ශිෂ්‍යයන්, කෘෂි පර්යේෂණ නිලධාරීන්, කෘෂි විද්‍යාඥයින් කණ්ඩායම් දළඹුවන් මර්දනය සඳහා පරීක්ෂණ පැවැත්වීමට ගොවිබිම් වෙත ගොස් ඇති බවත්, මේවන තෙක් ඇමරිකාව, අප්‍රිකාව වැනි මෙම ව්‍යවසනය දරුණු ආකාරයෙන් පවතින කිසිදු රටක් මේ සඳහා රසායනික දළඹු නාශකයක් හඳුනාගෙන නොමැති අතර, ගොවීන් විසින් දළඹුවා පලවා හැරීමට යම් ක්‍රමවේද අනුගමනය කරනවා නම්ප්‍රදේශයේ කෘෂි පර්යේෂණ නිලධාරියා දැනුම්වත් කරන ලෙසඇමැතිවරයා ඉල්ලා සිටී.
 
දළඹු ව්‍යවසනයෙන් හානියට පත් වගාවන් සඳහා වන්දි ලබා දීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින බවත්, ගොවි රක්ෂණ මණ්ඩලය හරහා රක්ෂණ වන්දි ලබා දීමටත් තමා අපේක්ෂා කරන බව ඇමැතිවරයා අවධාරණය කරයි.
 
 

නව අදහස දක්වන්න