'සේනා' මර්දනය ගැන සතිපතා අගමැතිව දැනුවත් කරයි | දිනමිණ

'සේනා' මර්දනය ගැන සතිපතා අගමැතිව දැනුවත් කරයි

සේනා දළඹු උවදුර මර්දනය, පාලනය සහ හානි වූ වගාවන්ට වන්දි ලබා දීම පිළිබදව සතිපතා ලිඛිතව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා  දැනුම්වත් කරන ලෙස කෘෂිකර්ම ඇමති පී.හැරිසන් මහතාට උපදෙස් ලබා දී තිබේ.
 
මේ කටයුතු වඩාත් කාර්යක්ෂමව ඉටු කිරීමට ,වගා හානි වූ ගොවීන් සඳහා වන්දි ලබාදීම කඩිනමින් කරන්නැයි ඇමැතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් දෙන ලදි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල් අමාත්‍යංශය වෙත කඩිනමින් මුදල් වෙන්කිරීම උදෙසා නියෝග ලබාදුන් බවද ඇමතිවරයා කියයි.
 
 සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා අවශ්‍යතාවයක් පවතිනවා යැයි ඉල්ලීම් සිදුකර ඇති ඕනෑම අයෙකුට මේ මර්දන කටයුතු වෙනුවෙන් මැදිහත්වීම් සිදුකළ හැකි බව පෙන්වා දෙන ඇමැතිවරයා ,මේ කටයුතුවලදී ආයතන කළ මෙහෙවර ඇමැතිවරයා පැසසුමට ලක් කරයි.
 
දළඹුවා මර්දනය කිරීම සඳහා රසායනික ද්‍රව්‍ය  5ක් මේවනවිට වෙළඳපොළට හඳුන්වා දී ඇති බවත් , මර්දනය කිරීමට සහ පාලනය කිරීමට අවශ්‍ය ස්වාභාවික ක්‍රමවේද  අනුගමනය කරනවා නම් , එය ජනතාවගේ සෞඛ්‍යයට තර්ජනයක් නොවනු ඇතැයි පෙන්වා දෙන ඇමැතිවරයා මේවන තෙක් කෘෂිකර්ම අමාත්‍යංශය විසින් සේනා දළඹුවා මර්දනයට කිසිදු පියවරක් නොගෙන ඇතැයි නගන චෝදනාවප්‍රතික්ෂේප කරනු ලබයි..“කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කිසිම කාර්යයක් කළේ නැහැ කියලා ඇතැම් අය මාධ්‍ය ඉස්සරහට ඇවිත් කියනවා.ඒ කියන්නේ අපි සියඹලා ගෙනල්ලම නැති ගාණයි.මා අමාත්‍යවරයා ලෙස වැඩ භාරගත් මොහොතේ සිට කෘෂිකර්ම අමාත්‍යවරයා සහ නිලධාරීන්  මේ දළඹුවා මර්දනයට සහ පාලනයට දැඩි කැපවීමෙන් කටයුතු කළා.ඒ වගේම දැන් කියනවා මේ දළඹුවා බඩඉරිඟුවලින් වී වගාවටත් , වී වගාවෙන් රනිල බෝගවලටත් , රනිල බෝගවලින් සිංහරාජ අඩවියටත් බෝ වෙනවා කියලා.සමහරු කිව්වා මේ සියල්ලන්ට ගිනි තබා විනාශ කළ යුතුයි කියලා.ඇතැම් අය හය හතරක් නොදැන රටට ගිනි තියන්න දගලනවා.මේ වෙනුවෙන් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධන බලකායක් නම් කරලා තියනවා.ඇතැම් රසායනික සමාගම් අමාත්‍යංශයට උවදුර පාලනය කරගන්න රසායනික ද්‍රව්‍ය තොග පිටින් ගේනවා.මේ කූඨ උපායන් අපි හොඳින් දන්නවා.සේනා මැඩලන්න දෙපාර්තමේන්තුවත් අපිත් වගකීමෙන් කටයුතු කරනවා” යැයිද  ඇමැති .පි.හැරිසන් මහතා කියයි.
 

නව අදහස දක්වන්න