සේනා මඩින්න නුවරඑළිය සූදානම් | දිනමිණ

සේනා මඩින්න නුවරඑළිය සූදානම්

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සේනා දළඹුවන් ව්‍යාප්ත අවම කිරීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ගොවීන් වෙත උපදෙස් ලබා දී තිබේ.
 
ඒ අනූව, රාජ්‍යය අංශයේ සහ පෞද්ගලික අංශයේ සත්ත්ව ගොවිපොලවල් වල ගවයන් ආහාර පිණිස ලබාදීමට පිට පලාත් වල සිට ප්‍රවාහනය කරන  බඩ ඉරිගු ගස් යන්ත්‍රානුසාරයෙන් කුඩා කැබලිවලට කපා කොටස් කර ප්‍රවාහනය කිරිමට වැඩ පිලිවෙලක් මේ වන විටත් දියත් කර තිබේ.
 
එසේ කපා කොටස් කර කැබලි වශයෙන් ප්‍රවාහනය කරන බඩ ඉරිගු ගස් සම්පුර්ණයෙන්ම ආවාරණය කරන ලෙසටත් උපදෙස් දී ඇත.
 
මේ පිළිබදව නුවරඑලිය දිස්ත්‍රික්කයේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ගොවිපලවල් වල අයිතිකරුවන්ව දැනුවත් කර ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටි. 
 

නව අදහස දක්වන්න