හැමතැනම හොර සල්ලි ගනු-දෙනු ප්‍රවේසමෙන් | දිනමිණ

හැමතැනම හොර සල්ලි ගනු-දෙනු ප්‍රවේසමෙන්

විජයානි එදිරිසිංහ

රටේ විවිධ ප්‍රදේශවල ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වන බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති අතර පෙරේදා එවැනි මුදල් නෝට්ටු සැළකිය යුතු ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

රුපියල් පන්දහස දහස සහ පන්සියයේ නෝට්ටු මෙසේ ව්‍යාජ ලෙස මුද්‍රණය කර බෙදා හරිමින් සිටින බවට ද තොරතුරු ලැබී ඇත. යම් කිසි කණ්ඩායමක් විසින් ඉතාමත් සූක්ෂම ලෙස හොර රහසේ මුදල් නෝට්ටු මුද්‍රණය කර බෙදා හැරීම සිදුකරගෙන යන බවට සැක කරන පොලිසිය මෙම කණ්ඩායම හෝ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදු කරගෙන යයි.

පෙරේදා ත්‍රිකුණාමලය මොරවැව ප්‍රදේශයේදී ව්‍යාජ රුපියල් දහසේ නෝට්ටු තිහක පමණ ප්‍රමාණයක් ද, හොරොව්පතාන නගරයෙන් ව්‍යාජ රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු විසිපහක් ද අත්අඩංගුවට ගෙන ඇත. පොලිසියට ලැබී ඇති තොරතුරු මත තවත් ප්‍රදේශ ගණනාවක සංසරණය වන මුදල් නෝට්ටු සොයා පරික්ෂණ සිදු වෙයි.

බැංකු ඇතුළු මුල්‍ය ආයතනවලින් ව්‍යාජ නෝට්ටු බාර නොගන්නා නිසා සමාජයේ ව්‍යාපාර ආයතන හරහා මෙම මුදල් මාරු කරගන්නා බවට තොරතුරු ලැබී ඇති බැවින් මුල්‍ය ගනු-දෙනුවල දී සැලකිලිමත් වන ලෙස පොලිසිය දැනුම් දී සිටියි.

නව අදහස දක්වන්න