ලෑලී ගෙද­රක වෙසෙන දුප්පත් අපිට පිහිට වෙන්න | දිනමිණ

ලෑලී ගෙද­රක වෙසෙන දුප්පත් අපිට පිහිට වෙන්න

හිනිදුම විශේෂ රවින්ද්‍ර ලියනගේ

මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. දූලා දෙදෙ­නයි. පුතායි. දුලා දෙන්නම ආබා­ධි­තයි.මගේ මහ­ත්ත­යාගේ එක ඇහැක් පෙනෙන්නේ නැහැ. අනෙක් ඇහැත් පෙනෙන්නේ යාන්ත­මට. එයාට කුලී වැඩ­ක්වත් කර­ගන්න බැහැ. මමත් ඉන්නේ අස­නී­ප­යෙන්. දැනට අපි ජීවත් වෙන්නේ ලෑලි ගහ­ගත්ත පැල්ප­තක් වගේ ගේක. අපිට ඉන්න හිටින්න පොඩි ගේ පොඩ්ඩක් හදල දෙනවා නම් එක ලොකු පිනක් යැයි යක්ක­ල­මුල්ල, පන්වි­ල­හේන ප්‍රදේ­ශයේ පදිංචි කේ.කේ.දීපිකා (45) ආයා­චනා කර­න්නීය. ඇය මෙසේද කීවාය. මගේ එක දුවෙක් ඉන්නේ රිදි­ය­ගම නිවා­සෙක. අපිට කියලා ජීවත් වෙන්න විදි­යක් නැහැ. කුලී වැඩ­ක­ට­වත් යන්න බැහැ. මේ පුංචි පැල්ප­තට ලයිට් නැහැ, වතුර නැහැ.

පියා ටී .ඩබ්ලිව්.දයා­නන්ද (48) වන අතර යන්ත­මින් හෝ ගෙදර වැඩක් කරන්නේ ඔහුය.ඔහු­ගේ­ඇස් පෙනීම දුර්වල නිසා කුලී වැඩක් හෝ ලැබෙන්නේ නැත. මව කේ.කේ.දීපි­කාට වැඩක් පලක් කිරී­මට නොහැකි තර­මට අස­ර­ණය. මේ නිසාම ඇය­ටත් කුලී වැඩක් හෝ කර ගැනී­මට නොහැ­කිය. මේ නිසාම මුළු පවු­ලම අන්ත අස­ර­ණව කල් ගෙවනු ලබයි. ලොකු දුව වන දර්ශනී මධු­ෂිකා 20 වියේ පසු­ව­න්නීය. අග­හි­ඟ­කම් සහ අස­නීප තත්ත්වය නිසාම ඇය නවතා ඇත්තේ රිදි­ය­ගම ළමා නිවා­ස­ය­කය.අනෙක් දුව දආ­බා­ධි­තය. දේශානි දීල්රුක්ෂි (17) නම් ඇය නිවසේ වෙසෙයි. බාල පුතා වන ක්‍රිෂාන් රංගන (09) 5වැනි ශ්‍රේණියේ ඉගෙ­නුම ලබයි. දයා­න­න්දගේ මව බොළ­ඳ­වතී සිටි­න්නේද මේ නිව­සේය.

මේ පවුල සම්බ­න්ධ­යෙන් අපි නිර­තු­රු­වම සොයා බල­නවා.රජ­යෙන් කළ හැකි දේ කිරී­මට ඡන්ද නාම ලේඛ­න­යට නම දාලා තිබෙ­නවා. මේ අයට ජීවත් වෙන්න ගෙයක් අත්‍යා­වශ්‍ය යැයි පොල්පා­ගොඩ බට­හිර ආර්ථික සංව­ර්ධන නිල­ධාරී ඩී. ජී. වසන්ත මහතා පැවැ­සීය.

හිනි­දුම විශේෂ

නව අදහස දක්වන්න