ඉව­ත­ලන ප්ලාස්ටික් බෝත­ල­යෙන් අපූරු මල් පෝච්චි­යක් | දිනමිණ

ඉව­ත­ලන ප්ලාස්ටික් බෝත­ල­යෙන් අපූරු මල් පෝච්චි­යක්

R o h a n a R a n a t h u n g aඉවතලන ප්ලාස්ටික් බෝතල් විසිකර දැමීමෙන් පසට ද, පුළුස්සා දැමීමෙන් වාතයට ද හානි සිදු වේ. බීම වර්ග හා පානීය ජලය පිරවූ ප්ලාස්ටික් බෝතල්, ස්වභාවික පරිසරය විනාශ වන ආකාරයට පරිසරයට එක් කරන්නට මත්තෙන්, මේ නිර්මාණය කරලා, පරිසරය සුරැකීමට දායකත්වයක් දෙන්න පුළුවන්ද කියලා බලමු.

පළමුවෙන් ම, ප්ලාස්ටික් බෝතල් කිහිපයක් එකතු කරලා, ඒවා මැද්දෙන් කපලා, කොටස් දෙක වෙන් කරන්න. දැන් බෝතලයේ කොටස් වර්ණගන්වලා, සතුන්ගේ මුහුණු, මල් වර්ග, රටා ඇඳලා හැඩ කර ගන්න පුළුවන්. බෝතලයේ උඩ මූඩිය කොටස යට පැත්තට හරවලා, බෝතලයේ යට කොටස තුළ තැන්පත් කිරීමෙන්, වෙනස් නිර්මාණයක් කර ගන්නත් හැකියාව තිබෙනවා. දැන්, එහි ඇතුළට පස්, ගල්කැට පිරවිය යුතුයි. නිවාස ඇතුළේ විසිතුරු පැළ සිටුවීම, මල් වවන්නන්ගේ විශේෂ අවධානයට ලක්ව තිබෙනවා. වැඩිය ඇස නොයන කුඩා මල් පැළ වර්ග වවලා, ටීපෝ සහ මේස මත තැබීමෙන්, නිවෙස තුළ ස්වභාවික පෙනුමක් නිර්මාණය කිරීම, හැමෝම අතරේ ජනප්‍රියයි. මේ බෝතල් නිර්මාණ තුළ, කුඩා පැළයක් සිටවලා, නිවෙස තුළ තබන්න දැන් ඔබට පුළුවන්. කුඩා දරුවන් වුණත්, මේ නිර්මාණයට කැමැති වේවි. ඒ වගේම, මෙය ඇස ගැටෙන විට, ස්වභාවිකත්වය අගයන පරපුරක් බිහි වීමටද, ඒ මගින් මඟ විවර වේවි.

චින්තා රණසිංහ

නව අදහස දක්වන්න