ෆ්ලූ වෛර­සයේ ආයු කාලය | දිනමිණ

ෆ්ලූ වෛර­සයේ ආයු කාලය

සීතලත්, වියළි බවත්, දූවිල්ලත් එකට කැටිවුණු කාලයක, කහින කිවිසින හඬද අඩුවක් නැතිව ඇසෙයි. ෆ්ලූ, සෙම්ප්‍රතිෂ්‍යා වෛරස අඩුවක් නැතිව අප අවට ඇති බවට එය ඉඟියකි.

වැඩි දෙනකුගේ දවසේ ඵලදායීතාව අඩු කරන, සිතේ සුවය උදුරා ගන්නා ෆ්ලූ වෛරසය, නිවෙසේ අගුපිලේ සිට, රෝගීන් අත තබන සෑම තැනකම පවතී. වෛරස දොරගුලක මෙන් ම, අත්වල පැය හයක් පමණ පවතී.

සෙම්ප්‍රතිශ්‍යා‍ වෛරසයට වඩා දිගු කලක් ‍ෆ්ලූ වෛරසය ජීවත් වේ. දැඩි කුහර නැති මතුපිටක ෆ්ලූ වෛරසයට පැය 24 – 48ක් පැවතීමට පුළුවන. උෂ්ණත්වය අඩු පරිසරයක ෆ්ලූ වෛරස‍යේ ජීවිත කාලයද වැඩිවෙයි. වාතයේ පවා දිගු කාලයක් වෛරසය රැ‍ඳෙයි. වායුසමීකරණය කළ පරිසරයක මෙවැනි වෛරස පැතිරීමේ වැඩි ඉඩක් ඇත්තේ ඒ නිසා ය.

පොදු ස්ථානයකට ගිය පසු, දෑත් සබන් ගා සේදීම ඉතා වැදගත් වන්නේ, ‍විෂබීජ බොහෝ වේලා රැඳී තිබීම නිසාය. වැරැදීමකින් හෝ දෑත් නොසෝදා, මුහුණ, ඇස්, කන්, නාසා ඇල්ලීම නම් නොකළ යුතුයි.

 

අන්තර්ජාලය ඇසුරිනි

චම්පිකා

නව අදහස දක්වන්න