සඳුදා හද­ව­තට මාර­කයි | දිනමිණ

සඳුදා හද­ව­තට මාර­කයි

සඳුදා දවසින් උදා වෙන්නේ, නව සතියක අරැඹුමකි. සතියේ අලුත් උදාව හදවතට මාරක වේවියි කිසිවකුට සිතිය හැකි ද? එහෙත්, අමෙරිකාවේ වෛද්‍ය පර්යේෂකයන් වාර්තා කරන්නේ, සුබ පුවතක් නම් නොවේ. ඔවුන්ට අනුව, සතියේ වැඩි වශයෙන් ම හෘදයාබාධ ඇතිවන්නේ සඳුදා දිනයේදී ය. එහෙත්, සතියේ දින හතේදීම දැඩි ආතතියකින් පීඩා විඳින්නන්ට, දින හතේදීම මේ අවදානම පවතී.

බොහෝ හෘදයාබාධ ඇති වන්නේ, මධ්‍යාහ්න 12 සහ පස්වරු හය අතර ය. රාත්‍රී දොළහේ සිට පෙරවරු හය දක්වා හදවත් රෝග නිසා රෝහල් ගතවන ගණන ඉතා සීමිත ය.

සඳුදා දිනයට හදවත් රෝග වැඩි වීමට හේතුව, සතියේ වැඩ අරඹන දිනය එදින නිසා ය. දෙදිනක හෝ දිනක නිවාඩුවට පසු පැමිණීමේදී, වෘත්තීය ස්ථානයේ විද්‍යුත් තැපෑල සහ පණිවිඩවලින් පිරී තිබීම මීට එක් හේතුවකි. සතිඅන්ත නිවාඩුවෙන් පසු වැඩ කරන දිනකටඋඩිත ලෙස, සිරුර ජීව විද්‍යාත්මකව හැඩගැස්වීමේදී හදවතට දැනෙන පීඩනය මීට හේතු වන බවට අදහස් ඉදිරිපත් කර තිබිණි. ඉරිදා දිනයේදී රෝගීන් ඉතා අඩු සංඛ්‍යාවක් වාර්තා වී ඇත. මෑතකදී, මිනිසුන්ගේ ජීවන රටාවේ කැපීපෙනෙන වෙනස්කම් දැකිය හැකි විය. ඒ, කාර්යබහුලකමට අමතරව, රාත්‍රියේදී පවා වැඩි දෙනෙක් ස්මාර්ට් ෆෝනය ඇතුළු තාක්ෂණික මෙවලම්වල වහල්ලු වී සිටීම ය.


නව අදහස දක්වන්න