පැරිස් නගරයේ මහල් නිවාසයක ගින්නක් | දිනමිණ

පැරිස් නගරයේ මහල් නිවාසයක ගින්නක්

ප්‍රංශයේ පැරිස් නගරයේ මහල් නිවාසයක හටගත් ගින්නකින් කුඩා දරුවෙක් ඇතුළු පුද්ගලයන් 08දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
 
මහල් 08 කින් යුත් ගොඩනැගිල්ලක ගින්න හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
 
මෙම ගින්නෙන් 30 කට ආසන්න පිරිසක් පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර තිබේ. තවත් කිහිප දෙනෙකු අතුරුදන් වී ඇති අතර ගිනි නිවන භටයින් සදහන් කරන්නේ මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවය.
 
ගින්නට හේතුව මෙතෙක් හෙලිව නොමැත. 
 
ඒ ආසන්නයේ තිබෙන අනෙකුත් ගොඩනැගිලිවල ජනතාවද කඩිනමින් ඉවත්කිරීමට ගිනි නිවන අංශ කටයුතු කළේය. 

නව අදහස දක්වන්න