ෆ්ලයින්වීල් පාපැදි ජය ගුවන් හමුදාවේ බුද්ධිකට | දිනමිණ

ෆ්ලයින්වීල් පාපැදි ජය ගුවන් හමුදාවේ බුද්ධිකට

වත්තල කෙළවරපිටිය ෆ්ලයින්වීල් පාපැදි සමාජය සංවිධාන කළ නිදහස් දින විවෘත ස්ටෑන්ඩර්ඩ් පාපැදි විවෘත අංශයේ ජය ගුවන් හමුදාවේ බුද්ධික වර්ණකුලසූරිය දිනා ගනියි. කිලෝමීටර් 98ක දුරකින් සමන්විත වූ මේ තරගය නිම කිරීමට ඔහු පැය 2: 24.01ක කාලයක් ගතකළ අතර ඔහු සමග තරගය නිමකළ ක්‍රීඩකයන් 5ක්ම ඒ හා සමාන කාලයක් වාර්තාකර තිබිණි. තියුණු තරගයකින් අනතුරුව එහි දෙවැනි ස්ථානයට වරාය අධිකාරියේ විරාන් රමේෂ් හා තුන්වැනි ස්ථානයට දෙහිවල ගල්කිස්ස නගර සභාවේ සුමුදු සඳරුවන් පත්විය. සිවුවැනි ස්ථානය ගුවන් හමුදාවේ මයුර නිමන්ත හා පස්වැනි ස්ථානය යුද හමුදාවේ සනත් ජයසිංහට හිමි වූහ. 23න් පහළ අංශයෙන් පළමු ස්ථානය සුමුදු සඳරුවන්, දෙවැනි ස්ථානය එරංග සඳරුවන්, තෙවැනි ස්ථානය මහේෂ් දේවප්‍රිය, සිවුවැනි ස්ථානය දක්ෂින විදූෂ හා පස්වැනි ස්ථානය රොෂාන් මධුසංඛ දිනාගත්හ

නව අදහස දක්වන්න