මාතෘ සායනය ආයෙත් පටන් ගනිමු ද? | දිනමිණ

මාතෘ සායනය ආයෙත් පටන් ගනිමු ද?

ලක්ෂ 120 ඉදි කරන ලද කෙහෙල්පන්නල මාතෘ සායන මධ්‍යස්ථානය මෙ වන විට කිසිදු කටයුත්තකට භාවිතා නොකරන හෙයින් එය දිනෙන් දින විනාශ වෙමින් පවතිව බව ප්‍රාදේශවාසීහු පවසති. මෙය ඉදි වීමට පෙර කෙහෙල්පන්නල විහාරස්ථානය අසල පැවැති ඉපැරැණි මාතෘ සායන මධ්‍යස්ථානයේ ගොඩනැඟිල්ල වසර ගණනාවකින් ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා එය ක්‍රමයෙන් විනාශ වී ගිය අතර ඒ වෙනුවෙන් නව මාතෘ සායන මධ්‍යස්ථානයක් ඒ ආසන්නයේම ඉදිකර 2015 අප්‍රේල් මාසයේ ජනතා අයිතියට පත් කර තිබුණි. නව මාතෘ සායන මධ්‍යස්ථානය ඉදි කිරීමට පෙර ඉපැරැණි මාතෘ සායන මධ්‍යස්ථානය තිබිය දී ඒ අවට ගම්මාන වන කෙහෙල්පන්නල නැඟෙනහිර, බටහිර, බලත්ගමුව, පුහුල්හේන, අම්බලාව, පහළ තඹවිට යන ගම්මාන වල විශාල පිරිසක් මෙයින් සිය සේවාවන් ලබා ගන්නා ලදී. නව මාතෘ සායන මධ්‍යස්ථානය සියලු පහසුකම් වලින් සමන්විත වන අතර ඒ මගින්ද ජනතාවට සේවාවන් රැසක් මාස කිහිපයක් යන තෙක් ලබා දුන් බව ජනතාව කියති. නමුත් මෙම නව මාතෘ සායන මධ්‍යස්ථානය කිසිදු ප්‍රයෝජනයකට නොගෙන මෙ වන විට වසා දැමිම නිසා එහි සිවිලිම් ලෑලි තැනින් තැන ගැලවි ඇති අතර ඒ අවට මිදුල කැලෑ වී ක්‍රමයෙන් විනාශ වෙමින් පවති. ජනතාවට සිය සායන කටයුතු වෙනුවෙන් දුර ගෙවා ගෙන හෙම්මාතගම මඩුල්බෝව මාතෘ සායන මධ්‍යස්ථානයකට යෑමට සිදු වි ඇති අතර එහි මෙ වන විට විශාල තදබදයක් පවති.

ඡායාරූපය - මාවනැල්ල විශේෂ සමන් විජය බණ්ඩාර

නව අදහස දක්වන්න