ශ්‍රීලනිපය බිම් මට්ටමේ ප්‍රතිසංවිධාන ඇරැඹුවා | දිනමිණ

ශ්‍රීලනිපය බිම් මට්ටමේ ප්‍රතිසංවිධාන ඇරැඹුවා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ග්‍රාමීය මට්ටමෙන් ප්‍රතිසංවිධාන කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැදවච්චිය ආසනයේ ප්‍රධාන සංවිධායක තිස්ස කරල්ලියද්ද මහතා පවසයි.

පසුගිය දා (03) මැදවච්චිය ආසනයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ අපේක්ෂක මහතුන්ගේ හිරල්ලුගම පැවැති ප්‍රතිසංවිධාන හමුවේ දී ඒ මහතා එසේ පැවැසීය.

මේ අවස්ථාවට මැදවච්චිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කර මැදවච්චිය ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් වන සිසිර සේනාරත්න, කැලුම් වික්‍රමසිංහ, ඩිලානී කුසුම් පේමදාස යන මහත්ම, මහත්මීන් ද කොට්ඨාස අපේක්ෂකයන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැදවච්චිය ආසනයේ තරුණ බල මණ්ඩලයේ සභාපති සංගීත් විජේකෝන් යන අය සහභාගි වූහ.

මෙහි දී ග්‍රාමීය මහජන නියෝජිතයකු වූ මන්ත්‍රී සිසිර සේනාරත්න මහතා විසින් එළඹෙන ජනාධිපතිවරණය සඳහා නැවත වරක් ජනාධිපති අපේක්ෂකත්වයට වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා කළේය. එම යෝජනාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැදවච්චිය ආසනයේ තරුණ බල මණ්ඩලයේ සභාපති සංගීත් විජේකෝන් මහතා එම යෝජනාව ස්ථීර කළේය.

එහි දී අදහස් දැක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැදවච්චිය ආසනයේ ප්‍රධාන සංවිධායක තිස්ස කරල්ලියද් ද මහතා,

අපි මේ ගමන සාර්ථක කර ගැනීම සඳහා ග්‍රාමීය මට්ටමින් අපේ පාක්ෂිකයන් ඒකරාශී කර ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් යනවා. අපේ මවු පක්ෂය වෙනුවෙන් අපේ පැරැණි සාමාජිකයන් දෛනිකව මේ වන විට එකතු වෙමින් සිටිනවා. අපට ලබා දෙන කුමන හෝ මැතිවරණයකට මුහුණ දෙන්න සූදානම්. අපේ ජනතාව අවශ්‍ය පුදගලයන්ව තෝර ගනියි. අපි ජනතාව රවටලා නැහැ. ජනතා මුදල් කොල්ල කාලා නැහැ. බොරු පොරොන්දු දීලා නැහැ. මේ ආසනය ශ්‍රී ලංකා කාරයන්ගේ බල කනුවක්. ශ්‍රී ලංකාවේ අපරාජික එකම ආසනයත් මේකයි. අද අපි එදා යෝජනා කර සම්මත කරගත් මහා මාර්ග ගොඩනැගිලි වර්තමාන මැති ඇමැතිවරු එයාල අරන් දුන්නා වගේ විවෘත කරනවා. ජනතාව අපි කළ සේවාවන් ගැන දන්නවා.

කැබිතිගොල්ලෑව සමූහ

 

නව අදහස දක්වන්න