ජාතික ආණ්ඩු යෝජනාව ගැන තීරණයක් අද | දිනමිණ

ජාතික ආණ්ඩු යෝජනාව ගැන තීරණයක් අද

අධිකරණ අමාත්‍යවරිය ඉදිරිපත් කරන වරදකරුවන් භාර දීමේ හා ණය සහනදායක ආඥා පනත යටතේ නියමයන් දෙකක් අද පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත ය.

මේ අතර අද පස්වරු 02.30ට පක්ෂ නායකයින් රැස්වේ.

ඒ, එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කර තිබෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ යෝජනාව පිළිබඳව තීරණයක් ගැනීමට ය.

හෙට දිනයේදී මීට අදාළ විවාදය පැවැත්වෙනු ඇති.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ මෙම යෝජනාවට සහය ලබා නොදීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය ඊයේ තීරණය කළේ ය.

මෙම යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙකු වෙතොත් ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ද ඊයේ තීරණය කෙරිණි.

නව අදහස දක්වන්න