මන්ත්‍රීවරු පිරිසක් විදුලි සෝපානයක සිරවෙයි | දිනමිණ

මන්ත්‍රීවරු පිරිසක් විදුලි සෝපානයක සිරවෙයි

කාර්මික දෝෂයක් හේතුවෙන් අද(07) පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 11දෙනෙක් පමණ විනාඩි 20ක පමණ කාලයක් පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයක සිරවී ඇති බව සදහන් වේ. 
 
දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා මේ පිළිබඳව මේ සම්බන්ධයෙන් කතානායක කරු ජයසූරිය මහතාට සභාගර්භයේ දී අදහස් දැක්වීමක් ද සිදු කළේය.   
 
එසේම වසර 37ක් පමණ මේ සෝපාන පැරණි බව බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය. 
 
මේ සම්බන්ධයෙන් පූර්ණ අවධාණය යොමු කරන බවත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අදාළ නිලධාරීන් සමඟ සොයා බලන බවද කතානායකවරයා මෙහිදී සදහන් කළේය. 
 

නව අදහස දක්වන්න