දුන්හිඳ ඇල්ලට අලුත් පිවිසුමක් | දිනමිණ

දුන්හිඳ ඇල්ලට අලුත් පිවිසුමක්

දිනකට දහස් සංඛ්‍යාත දේශීය හා විදේශිය සංචාරක පිරිස් ඌව පළාතේ අගනුවර පිහිටි දුන්හිඳ දිය ඇල්ල නැරඹීමට පැමිණෙති. බදුල්ලේ සිට මහියංගණ දක්වා දිවෙන මහා මාර්ගයේ හැතැක්ම තුනකට පමණ ඈතින් දුන්හිඳ කරා ගමන් කර හැකි මාර්ගය ආරම්භ වේ.

මේ වන තෙක් දුන්හිඳ නැරඹීමට කිසිඳු වාහනයකට යා නොහැකි අතර සැතපුමකට අධික ප්‍රමාණයක් යා යුතුව ඇත්තේ පා ගමනෙනි. කඳුහෙල් තරණය කරමින් කුඩා පාලම් හා බෝක්කු අතරින් මේ ගමන යා යුතුව ඇත.

එසේ වූවද සංචාරකයන් කුමන බාධක මැද්දේ වූවද පා ගමනින් දුන්හිඳ නැරඹීමට යාම සිරිතක් කරගෙන තිබේ.

බදුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටි කලන්වත්ත හරහා දුන්හිඳ දියඇල්ල නැරඹීමට පිවිසුම් මාර්ගයක් සකස් කිරීමට මේ වන විට බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව කටයුතු යොදා ඇත. සොරණාතොට ප්‍රාදේශීය සභාවත් බදුල්ල ප්‍රාදේශීය සභාවත් මේ පිළිබඳ කටයුතු කරමින් සිටිති.

දෙමෝදර සමූහ ආර්.එම්. සෝමරත්න

නව අදහස දක්වන්න