Thursday, පෙබරවාරි 7, 2019 - 01:00
මාතර නගරය පවිත්‍ර කිරීමේ වැඩ සටහනක් ජාතික නිදහස් දිනය නිමිත්තෙන් මාතර නගරය කේන්ද්‍ර කර ගෙන පැවැත්වුණි. නිර්මානික නිර්නාමික සංවිධානයේ නායක ගයාන් ජනිත කරසිංහආරච්චි මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩ සටහන සංවිධානය කර තිබුණි.
මාතර ප්‍රධාන බස් නැවතුම්පොළ කොටුවේගොඩ වෙරළ තීරය ඇතුලු තවත් ස්ථාන කීපයක්ම මෙහිදී පිරිසිදු කරනු ලැබීය.
මුහුණු පොත හරහා සංවිධානයවූ විශාල පිරිසක් මෙම පිරිසිදු කිරීමේ වැඩ සටහනට සහභාගී වූහ.
සටහන හා ඡායාරූප -
දකුණු පළාත් සංචාරක
එස්. දියගහගේ
නව අදහස දක්වන්න