ප්‍රියංකාගේ සැමියා එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරයි | දිනමිණ

ප්‍රියංකාගේ සැමියා එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරයි

ලන්ඩනයේ දේපළ සතු බවට වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව  එරට බලාත්මක කිරීමේ අධ්‍යක්ෂක කාර්යාලයේ දී සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ  ඉන්දීය කොංග්‍රස් පක්ෂ ප්‍රධානී රාහුල් ගාන්ධි ගේ මස්සිනා වන ව්‍යාපාරික රොබට් වද්‍රා ප්‍රකාශ කර ඇත. 
 
මධ්‍යම විමර්ශන ආයතනය විසින් දිල්ලියේ පිහිටි සිය කාර්යාලයේ මුදල් විශුද්ධිකරණය යටතේ මෙම විමර්ෂණය සිදු කරමින් පැය පහක් ඔහුගෙන් ප්‍රශ්න කර ඇති බව වාර්තා වේ. 
 
රොබට් වද්‍රා පෙබරවාරි 16 දා දක්වා අත්අඩංගුවට  ගැනීම වළක්වමින් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇති නමුත් අදාල විමර්ෂණ සඳහා සහයෝගය ලබා දෙන ලෙස ඔහුට දන්වා ඇත. 
 
මෑතකදී ඉන්දීය දේශපාලනයට එක් වූ ප්‍රියංකා ගාන්ධි විවාහා වී සිටින්නේ මොහු සමගය. ඒ අකුව වද්‍රා කොංග්‍රස් නායිකා සෝනියා ගාන්ධි ගේ බෑණා ද වේ.
 
 

නව අදහස දක්වන්න