ගාන්ධිගේ අනුරුවකට වෙඩි තැබූ කාන්තාවක් අත්අඩංගුවට | දිනමිණ

ගාන්ධිගේ අනුරුවකට වෙඩි තැබූ කාන්තාවක් අත්අඩංගුවට

 මහත්මා ගාන්ධිගේ අනුරුවකට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
 
හින්දු මහා සභා නම් සංවිධානය විසින් මහත්මා ගාන්ධි ඝාතනය වීමේ 71 වැනි සංවත්සරය සමරමින් සංවිධානය කර උත්සවයක් අතර එම කාන්තාව  ගාන්ධිගේ අනුරුවකට වෙඩි තැබීමේ වීඩියෝවක් අන්තර්ජාලය වෙත මුදාහැර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
 
ඒ අනුව අදාල සිද්ධියට සම්බන්ධ කාන්තාව, ඇයගේ සැමියා සහ තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නව අදහස දක්වන්න