කත්‍රිනා, ප්‍රිටිගේ ක්‍රිකට් කණ්ඩායමට | දිනමිණ

කත්‍රිනා, ප්‍රිටිගේ ක්‍රිකට් කණ්ඩායමට

කත්‍රිනා කයිෆ්ට දක්ෂ ලෙස රඟපාන්න හැකියාව තිබෙන බව යළි සඳහන් කළ යුතු නැහැ.

මේ රූබර නිළියට තවත් දක්ෂතා ඇති බව බොලිවුඩ් සිනමා ක්ෂේත්‍රයේ බොහෝ දෙනකු දන්නවා.

ඇය ක්‍රිකට් ක්‍රීඩාවටත් දක්ෂයි.

ඒ බව මීට කලිනුත් බොලිවුඩ් මාධ්‍යවල සටහන් වුණා.

මෑතකදී රඟපෑ ‘භාරත්’ චිත්‍රපටයේත් ඇය ක්‍රිකට් ක්‍රීඩිකාවක් බවට පත් වුණා.

එය රංගනයක් වුවත් ඇය තුළ දක්ෂ පිතිකාරියක් සැඟවී සිටින බව බොහෝ දෙනා ප්‍රකාශ කර තිබුණේ, ‘භාරත්’ චිත්‍රපටයේ කෙටි වීඩියෝ දර්ශනයක් නැරඹීමෙන් පසුවයි.

කාගේත් ප්‍රශංසා ලැබූ නිසා කට්රිනා තම සමීප මිතුරියක වන අනුශ්කා ශර්මාට කීවේ ඇගේ සැමියා වන සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලිට මේ බව පවසන ලෙසයි.

මේ ඉල්ලීම ඇය ඉන්ස්ටග්‍රෑම් පිටුවෙන් අනුශ්කාට යොමු කර තිබුණා.

ඉන් පසුව කට්රිනා ගේ පිති හරඹ රංගනය නැරඹූ අනුෂ්කා සහ විරාට් තම මිතුරියට ප්‍රශංසා කළා.

මේ අතර කට්රිනාගේ ක්‍රිකට් හැකියාව දුටු ප්‍රීට් සින්ටා වහාම ප්‍රතිචාර දක්වමින් ඇරියුමක් කර තිබුණා.

ඇය පැවසුවේ කට්රිනා‍ව තමන් සතුව තිබෙන ‘කිංස් ලෙවන් පන්ජාබ්’ ක්‍රිකට් කණ්ඩායමට බඳවා ගන්නා බවයි.

නව අදහස දක්වන්න