ශ්‍රී ලංකා ජාතික දින සැමරුම් උත්සවයක් වියට්නාමයේ දී | දිනමිණ

ශ්‍රී ලංකා ජාතික දින සැමරුම් උත්සවයක් වියට්නාමයේ දී

හැනොයි හි පිහිටි වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ 71 වැනි ජාතික දිනය ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ සමරනු ලැබීය. මෙම උත්සවය පවත්වනු ලැබුවේ තානාපති නිල නිවසේ දී ය.

මෙහිදී ජාතික ධජය ඔසවමින් සිංහල හා දමිළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කරන ලද අතර සම්ප්‍රදායික පොල් තෙල් පහන දල්වමින් ආරම්භ කළ උත්සවයේ ප්‍රමුඛතම කාර්ය වූයේ ශ්‍රී ලංකාවේ නිදහස වෙනුවෙන් ජීවිත කැප කළ විරුවන් සිහි කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පවත්වමිනි.

ආගමික නියෝජිතයන් විසින් නිකුත් කරන ලද සුබ පැතුම් සහ අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා ගේ පණිවුඩ භාෂා තුනෙන්ම කියවනු ලැබීය.

මෙහිදී අදහස් දැක් වූ වියට්නාම තානාපතිනි අපනයනය ඉහළ නැංවීම සහ ආයෝජන පෙළඹවීම් සඳහා ආර්ථික හා පොදු දේපළ ප්‍රතිපත්ති වැඩි දියුණු කිරීම තුළින් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රධාන ජයග්‍රහණ පිළිබඳ අවධාරණය කළාය. එසේම ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය තුළ 2019 දී සංචාරය සඳහා සුදුසුම ගමනාන්තය ලෙස නම් කිරීම පිළිබඳව ද සඳහන් කළාය. ශ්‍රී ලංකා - වියට්නාම දේශපාලන, ආර්ථික හා සංස්කෘතික ක්ෂේත්‍රයන්හි පවත්වනු ලබන ද්වීපාර්ශ්වික සබඳතා ඉහළ බලාපොරොත්තු ඇති කර ඇති අතර ඒ පිළිබඳ කලාපීය හමු සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙවරක් සහභාගි වූ බවත් ඊට අමතරව කතානායක කරු ජයසූරිය මහතා සහ බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ‍එරට සංචාරය කළ බව ද සිහිපත් කෙරිණි.

එම ක්ෂේත්‍රයන් ප්‍රවර්ධනයෙහි ලා වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්යභාරය හා මෙහෙවර මෙහිදී අවධාරණය කළාය.

ක්‍රිසන්ති විතාරණ

නව අදහස දක්වන්න