රට යන අතේ හොඳ නරක | දිනමිණ

රට යන අතේ හොඳ නරක

ව්‍යවස්ථා මර උගුලක් ගෙන ඇති බවට විපක්ෂය මොරදෙයි. ෆෙඩරල් ව්‍යවස්ථාව හකුළගන්නා ලෙස බල කරයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ අප ව්‍යවස්ථාවක් නොගෙන ආ බවයි. පරස්පර විරෝධී මත පළවෙමින් පවතින අවස්ථාවක් ලෙසට මෙම අවස්ථාව පෙන්වාදීමට පුළුවන්.

විමල් වීරවංශ, රෝහිත අබේගුණවර්ධන වැනි මහත්වරු පවසන්නේ මෙම නව ව්‍යවස්ථාවෙන් රට දෙකට කැඩෙන බවයි. නව ව්‍යවස්ථාවක් හදිසියේ ගෙන ඒමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව ආණ්ඩුව ද කියයි. එලෙස ව්‍යවස්ථාවක් සම්මත කර ගන්නේ නම් පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයකින් ව්‍යවස්ථාව සම්මත විය යුතුය. ජනමත විචාරණයකින් ද ජයග්‍රහණ කළ යුතුය. එසේනම් ව්‍යවස්ථාවක් ගෙන ඒම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ.ෙ

රට යන අත හොඳයි කියා කෙනෙක් කීමට පුළුවන. තව කෙනෙක් රට යන අත හොඳ නැති බව කීමට පුළුවන. රටේ යම් යම් සංවර්ධන ව්‍යාපෘති අවසන්වීම් හා ආරම්භවීම් මේ දිනවල දැකගැනීමට පුළුවන. රට යන අත හොඳයි නම් කිසිඳු ප්‍රශ්නයක් නැත. රට යන අත නරකයි නම් සැබෑ ප්‍රශ්නයක් උදාවේ.

පළාත් සභා ඡන්දය ළඟදී පැවැත්වීමට ඉඩ ඇත. නොවැම්බර් මාසය පමණ වනවිට ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතය. රටේ මැතිවරණ වසරක් ලෙස මෙම වසර පෙන්වාදීමට පුළුවන.

රට කරවන අය රට පාලනය නිසි ලෙස කරන්නේ නම් ගැටලුවක් නොමැත. වර්තමාන ජනාධිපතිතුමා මතින් තොර නිදහස් රටක් යනුවෙන් ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. එය රටේ දියුණුවට ඉවහල් වේ. රටේ මුදල් පිටරට කොම්පැණිකාරයන් අතට යෑම වැළෑක්වෙනු ඇත.

සමින්ද උදයකුමාර

 

නව අදහස දක්වන්න