දකුණු අප්‍රිකානු ටෙස්ට් පිලට මුල්ඩර් මුල්වරට | දිනමිණ

දකුණු අප්‍රිකානු ටෙස්ට් පිලට මුල්ඩර් මුල්වරට

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා වන සංචිතයට තුන් ඉරියව් දස්කම් දක්වන නවක ක්‍රීඩක වියාන් මුල්ඩර් කැඳවීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.

ෆෆ් ඩු ප්ලෙසිස්ගේ නායකත්වයෙන් යුත් 13 දෙනකුගේ සංචිතයට එක්ව ඇති මේ විසිහැවිරිදි ක්‍රීඩකයා ජාත්‍යන්තර පිටියේදී එක්දින තරග 8කට පමණක් සහභාගිවී ඇති අතර පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතවූ දකුණු අප්‍රිකානු එක්දින කණ්ඩායමටද ඇතුළත්ව සිටියේය. එහිදී පැවැති තරග 5 ටම ක්‍රීඩා කළ ඔහු ලකුණු 41ක් රැස්කළ අතර කඩුලු 5ක් බිඳ දමා තිබිණි.

පසුගිය වසරේ සැප්තැම්බරයේ සිම්බාබ්වේ පිලට එරෙහි එක්දින තරගාවලියේදී ආබාධයකට ලක්වූ ඔහු එය සුවවිමෙන් අනතුරුව එරට දේශීය පිටියේදී සිංහ ක්‍රීඩා සමාජය නියෝජන කරමින් දැක්වූ දස්කම් මත මේ අවස්ථාව හිමිව තිබේ.

දෙපිළ අතර පළමු තරගය මේ 13 වැනිදා ඩර්බන්හිදී ආරම්භ වන අතර දෙවැනි සහ අවසන් තරගය 21 වැනිදා සිට පෝර්ට් එලිසබෙත් හිදී පැවැත්වේ.

දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචිතය - ෆෆ් ඩු ප්ලෙසිස් (නායක), හෂීම් අම්ලා, ටෙම්බා බවුමා, ටියුනිස් ඩි බ්‍රයන්, ක්වින්ටන් ඩි කොක්, ඩීන් එල්ගා, සුබෙයිර් හම්සා, කේෂව් මහරාජ්, ඒඩ්න් මාක්‍රම්, වියාන් මුල්ඩර්, ඩුවෑන් ඔලිවියර්, වර්නන් පිලැන්ඩර්, කගීසෝ රබාඩා, ඩේල් ස්ටේන්.

 

නව අදහස දක්වන්න