විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඉන්දියාව බලා යයි | දිනමිණ

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඉන්දියාව බලා යයි

හින්දු පුවත්පත මගින් දිනවල ඉන්දියාවේ බැංගලෝර්හිදී අද (09) සහ හෙට (10) පවත්වන සමුළුවේ සමාරම්භක දේශනය පැවැත්වීම සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඊයේ (08) ඉන්දියාව බලා පිටත්ව ගියේය. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන අනාගත සබඳතා මුලික කරගනිමින් රාජපක්ෂ මහතා මේ දේශනය පැවැත්වීමට නියමිත අතර දෙවැනි දිනයේ ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ ඉන්දියාවේ උප ජනාධිපති චෙන්කයියා නායිදු මහතා විසිනි.

ඉන්දියාවේ හිටපු උප ජනාධිපති හමීඩ් අන්සාරි, ඇෆ්ගනිස්තාන හිටපු ජනාධිපති හමීඩ් කර්සායි, මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ඇතුළු පිරිසක් මේ සමුළුවට සහභාගී වීමට නියමිත අතර ඔවුන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද රාජපක්ෂ මහතා බලාපොරොත්තු වෙයි.

නව අදහස දක්වන්න