මාස් කන්නයේ වී අස්වැන්න මිලදී ගන්න මිලි­යන 61000ක් | දිනමිණ

මාස් කන්නයේ වී අස්වැන්න මිලදී ගන්න මිලි­යන 61000ක්

මේ මාස් කන්නයේ මාතලේ දිස්ත්‍රි­ක්කයේ වී අස්වනු මිලට ගැනී­මට මේ වන­විට වී අලෙවි මංඩ­ලය විසින් පිය­වර ගෙන තිබේ. මේ යෝජිත සැලැස්ම යටතේ වී මෙට්‍රික් ටොන් පන්ද­හ­සක (5000) ප්‍රමා­ණ­යක් මිලට ගැනී­මට වී අලෙවි මංඩ­ලය අපේක්ෂා කරයි. මේ සදහා වී අලෙවි මංඩ­ල­යට අයත් හදු­න්ග­මුව, ගලේ­වෙල සහ දඹුල්ල යන ස්ථාන­යන්හි ඇති ගබඩා සියල්ල මේ වන­විට සූදා­නම් කර ඇත.

ලබන මස 15 වැනි දින සිට මේ මාස් කන්නයේ වී අස්වනු මිලට ගැනී­මට තීර­ණය කර ඇති අතර හදු­න්ග­මුව ගබ­ඩාවේ වී මෙට්‍රික් ටොන් තුන්ද­හ­සක ප්‍රමා­ණ­යක් ගබඩා කිරී­මට කල­ම­ණා­කා­රි­ත්වය විසින් පිය­වර ගෙන තිබේ. එමෙන්ම ගලේ­වෙල සහ දඹුල්ල වී ගබ­ඩා­වන්හි වී මෙට්‍රික් ටොන් දහස බැගින් ගබඩා කිරී­ම­ටද නිය­මි­තය. මෙහිදි රජයේ සහ­තික මිල යටතේ ගොවී­න්ගෙන් වී මිලට ගන්නා අතර ඒ සදහා නාඩු සහ සම්බා වී කිලෝව සදහා පිළි­වෙ­ළින් රු.38/=ක් සහ රු.41/= ක මිලක් ගොවීන්ට ලබා­දෙනු ලැබේ. මෙවර මාස් කන්නයේ වී මිලට ගැනීම සදහා රජය විසින් වී අලෙවි මණ්ඩ­ල­යට රුපි­යල් මිලි­යන 61000ක මුද­ලක් ලබා දී ඇත.

මාතලේ දිස්ත්‍රික් සමුහ

නව අදහස දක්වන්න