දෙහිවල ‍සුපිරි වෙ‍ෙළඳසලක මුදල් කොල්ලයට හිටපු ආරක්ෂකයකු අල්ලයි | දිනමිණ

දෙහිවල ‍සුපිරි වෙ‍ෙළඳසලක මුදල් කොල්ලයට හිටපු ආරක්ෂකයකු අල්ලයි

බොරලැස්ගමුව සමූහ සෙනෙවිරත්න කහටපිටිය

දෙහිවල ගාලු පා‍ෙර් පිහිටි සුපිරි වෙළෙඳ සැලකින් ලක්ෂ දහතුනකට අධික මුදලක් සොරාගන්නා ලද සොරකම සම්බන්ධව එම ආයතනයේම සේවය කරන ලද මාස 10 කට කලින් ඉවත් වී ගොස් ඇති ආරක්ෂක නිලධාරියෙකු ප්‍රධාන සැකකරු වශයෙන් අත්අඩංගුවට ගැනීමට දෙහිවල පොලිසිය සමත් වී ඇත.

අත්අඩංගුවට පත් සැකකරු වයස 28 ක තරුණයෙකු වන අතර දින හතකට අඩු කාලයකදී පුත්තලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීම සුවිශේෂී කාර්යකි.

මෙම සොරකම ඉකුත් 28 වෙනි දින රාත්‍රී සේවා මුරය අවසානයේ වෙළෙඳසැල වසා ගිය පසු එහි පැමිණ සැඟවී සිටිමින් යතුරු පුවරුවේ තිබූ යතුර සොරාගෙන ‍සේප්පුව විවෘත කර එහි තිබූ මුදල් රැගෙන ඒ අසල තිබූ අනෙක් සේප්පුව ද විවෘත කිරීමට උත්සාහ ගත්තත් එය අපහසුවීම නිසා සොරාගන්නා ලද මුදල් සඟවා සිට දමා ගැනීමේදී රු. 30,000 ක්, 50,000 ක මුදලක් දමා ගොස් තිබූ බව ද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය. එමෙන්ම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී සොරකම් කරන ලද මුදලින් ලක්ෂ හයක මුදලක් වැය කර යතුරුපැදියක් ලබාගෙන තිබූ අතර එය ද ජංගම දුරකථනයක් ද පොලිස් භාරයට ගෙන ඇත. මෙම සැකකරු වත්තල ප්‍රදේශයේ ඔහු වැඩ කළ වෙළෙඳසැලක් බිඳ මුදල් සොරාගෙන ඇති බව ද අනාවරණය විය.

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් විජේසිංහ, සහකාර පොලිස් අධිකාරි සමන්ත වෙදගේ යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් දෙහිවල වැඩබලන පොලිස් ස්ථානාධිපති පී. සී. ඉඳුනිල් මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කේ. ඒ. ඊ. එස්. ආර්. උදයංග මහතාගේ මෙහෙයවීමෙන් සිදු කරයි.

 

නව අදහස දක්වන්න