දළ පූට්ටුවාට හා සියඹලන්ගමුවේ රාජාට ගල්ගමුවේ ස්මාරක | දිනමිණ

දළ පූට්ටුවාට හා සියඹලන්ගමුවේ රාජාට ගල්ගමුවේ ස්මාරක

පසුගිය කාලයේ ඉතාම අවාසනාවන්ත ලෙස මිය ගිය ගල්ගමුවේ දළ පූට්ටුවා සහ සියඹලන්ගමුවේ ඇත් රාජයා සිහි වීම පිණිස ඉදිකරන ප්‍රතිමා දෙක සදහා මුල්ගල තැබීමේ උත්සවයක් ඉකුත් දා ගල්ගමුවේදී පැවැත්විය.

ගල්ගමුව නගරයේ මේ පිළිබද පැවති සාකච්ඡාවකින් අනතුරුව එම ස්මාරක දෙක ගල්ගමුව නගරයේ ඇති අරසන් වැව ඉස්මත්තේ ඇති රණවිරු උද්‍යානයේ ඉදිකිරීමට තීරණය කර තිබේ.

මේ සදහා රුපියල් ලක්ෂ 40 ක පමණ මුදලක් වැය වන අතර එය ශ්‍රී ලංකා බෞද්ධ මහා සම්මේලනය මගීන් දැරීමට එහි සභාපතිතුමන් ඇතුලු පිරිස කැමැත්ත පළ කර තිබේ. ගල්ගමුව ප්‍රදේශයේම නිර්.මාණකරුවෙකු විසින් මෙම ප්‍රතිමා ඉදිකරනු ලබන අතර එය මෙම වසරේ දෙසැම්බර් වන විට එහි වැඩකටයුතු අවසන් වන බවත් එ් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම සඳහා ගල්ගමුව ප්‍රාදේශීය සභාව කැමැත්ත පළ කොට තිබේ.

 ගල්ගමුව සිය වාස භූමිය කර ගෙන ජීවත් වෙමින් සිටියදී වනජීවී දෙපාර්.තමේන්තුවේ මැදිහත් වීමෙන් 2014 වර්ෂයේ ගල්ගමුව ප්‍රදේශයෙන් වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමට උත්සාහ දැරීමේදී මිය ගිය සියඹලන්ගමුව ඇතා හා 2017 වසරේ ඉතාම අවාසනාවන්ත ලෙස වෙඩි ප්‍රහාරයකට හසුව මිය ගිය දළ පූට්ටුවා හස්තියා වෙනුවෙන් ‍මෙම ප්‍රතිමා ඉදිකෙරෙන්නේ සුවහසක් මිනිසුන් මෙම ඇතුන් දෙදෙනාට දැක්වූ ආදරය හා කරුණාව නිසා වීම විශේෂත්වයකි. එසේම ලංකාවේ දැඩි වල් අලි තර්.ජනයක් ඇති ගල්ගමුව වැනි ප්‍රදේශයක පළමුවරට මෙවැනි ස්මාරකයක් ඉදිවීමද තවත් සුවිශේෂි කරුණකි.

ගල්ගමුව සමූහ එම්. එම්. ක්‍රිෂාන්

නව අදහස දක්වන්න