මන්නාරම සමූහ මිනීවලේ කාලනීර්ණ වාර්තාව බ‍්‍රහස්පතින්දා | දිනමිණ

මන්නාරම සමූහ මිනීවලේ කාලනීර්ණ වාර්තාව බ‍්‍රහස්පතින්දා

මන්නාරම සමූහ මිනී වලේ කැණීම් පිළිබඳ කාලනීර්ණ වාර්තාව ලබන බ‍්‍රහස්පතින්දා ලැබෙනු ඇතැයි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සමින්ද රාජපක්ෂ මහතා පවසයි.
 
අදාළ අස්ථි පිළිබඳ වාර්තාව ලබාගැනීම සඳහා අස්ථි කොටස් අමෙරිකාවේ ෆ්ලෝරිඩාවේ පිහිටි කාබන් නීර්ණ පරීක්ෂණ රසායනාගාරයක් වෙතය යැවීමටයි පියවර ගත්තේ පසුගිය ජනවාරි 23වනදා ය.
 
සිදුකළ කැණීම්වලින් මේ වනවිට මිනිස් සිරුරු 315ක අස්ථි කොටස් හමුව තිබේ. ඉන් 307ක කොටස් මන්නාරම මහේෙස්ත‍්‍රාත් අධිකරණයේ තැන්පත් කර ඇත. කුඩා ළමුන්ගේ බවට සැකකෙරෙන අස්ථි කොටස් 26ක් ද ඊට අයත්ය. 
 
සමූහ මිනී වලේ කැණීම් කටයුතු අද(11) ආරම්භ වුණේ 142වන දිනටය.

නව අදහස දක්වන්න