වසර 19ක් පැරණි ඝාතනයකට මරණ දඬුවම් | දිනමිණ

වසර 19ක් පැරණි ඝාතනයකට මරණ දඬුවම්

2000 වසරේ ඝාතනයක් සිදු කිරීමට වැරදිකරු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය මගින් මරණීය දණ්ඩනය නියම කර ඇත.
 
කැළණිය, බොල්ලෑගල ප්‍රදේශයේ සිදුවී ඇති මෙම ඝාතනයට එම ප්‍රදේශයේම පදිංචි එස්. ඒ. රූපසිංහ නැමැති 57 හැවිරි තිදරු පියෙකුට මෙම දඬුවම නියම කෙරුණි.
 
2000 ජනවාරි මස 22වැනිදා කැලණිය, බොල්ලෑගල ප්‍රදේශයේ ඇති වූ පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් ජයන්ත මදනායක නමැත්ති අය වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරනු ලැබීය.
 
ඉන් එක් විත්තිකරුවෙකු නිදොස් කොට නිදහස් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් අනෙක් විත්තිකරු වරදකරු කොට මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

නව අදහස දක්වන්න