ලන්ඩන් සත්වෝද්‍යානයේ කොටි මරණය | දිනමිණ

ලන්ඩන් සත්වෝද්‍යානයේ කොටි මරණය

ලන්ඩන් සත්වෝද්‍යානයේ සිටි දුර්ලභ ගණයේ සුමාත්‍රානු කොටියකු තවත් කොටියකු විසින් මරා දමා ඇත. 
 
මීට දින 10කට පෙර අසිම් නමැති පිරිමි කොටියා මෙම සත්වෝද්‍යානයට රැගෙන විත් ඇත්තේ දනිෂ් සෆාරි උද්‍යානයේ සිටය. ඒ දිගු කලක් තිස්සේ එහි ජීවත් වන "මෙලටි " සඳහා වඩාත්ම සුදුසු සහකරු ලෙස හඳුනා ගනිමිනි. ඔවුන් දෙදෙනා වෙන වෙනම තබමින් ක්‍රමාණුකූලය ඔවුනොවුන් හඳුනා ගැනීමට ඉඩ සලසා ඇති අතර, එහිදී එක්වරම කලබලකාරී ස්වරූපයක් පෙන් වූ අසිම් ඔහුගේ සහකාරිය සමග ඇති කර ගත් ගැටුමේදී මෙලටි මිය ගොස් ඇත. 
 
මිය යන විට මෙලටි දස හැවිරිදි වියේ පසු වූවාය. 
 
මෙලටි ගේ පෙර සහකරු "ජයි ජයි"  පසු ගිය මාසයේ දී ප්‍රංශයට ගෙන යනු ලැබූ අතර මෙලටි- ජයි පැටවුන් හත් දෙනකු ගේ මව්පියන් ය. 
 
සාමාන්‍යයෙන් මේ වර්ගයේ කොටින්ගේ ආයු කාලය වසර 20ක් වන අතර 1970 වසරේ දී සිදු කළ සංගණනයට අනුව වනාන්තර තුළ ජීවත් වූ  සුමාත්‍රානු කොටි සංඛ්‍යාව 1000ක් බවට අනාවරණය ‍විය. මේ වන විට එම සංඛ්‍යාව 300 දකුවා අඩු වී ඇත.

නව අදහස දක්වන්න