පළමු පෙළ ක්‍රිකට් කිරුළ වසර 12කට පසු සී.සී.සී. පිලට | දිනමිණ

පළමු පෙළ ක්‍රිකට් කිරුළ වසර 12කට පසු සී.සී.සී. පිලට

නිරෝෂාන් ප්‍රියංකර

එන්.සී.සී. කණ්ඩායමට එරෙහිව පැවැති තීරණාත්මක තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කළ සී.සී.සී. කණ්ඩායම වසර 12කට පසුව අන්තර් සමාජ පළමුපෙළ ‘ඒ‘ කොටසේ ක්‍රිකට් ශූරතාව දිනාගත්තේය. තරගාවලියේ සුපිරි අට වටයේ ආරම්භයේ සිටම පෙරමුණේ පසුවූ සී.සී.සී ක්‍රීඩකයෝ අවසන් සතියට අදාළව එන්.සී.සී. පිල සමග කෝල්ට්ස් පිටියේ පැවැති තරගයෙන් කඩුලු 5ක ජයක් අත්කර ගනිමින් ප්‍රසාද ලකුණු 88.32ක් ලබා ශූරතාවට හිමිකම් කීවේය. මීට පෙර අවසන් වරට සී.සී.සී. කණ්ඩායම 2006-2007 තරගවාරයේදී නිෂිත රූපසිංහගේ නායකත්වයෙන් ශූරතාව දිනාගත්තේ එස්.එස්.සී. පිල සමග පැවැති තීරණාත්මක තරගය ජයගනිමිනි.

ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේ පසුවූ සැරසන්ස් පිල තෙවැනි ස්ථානයේ පසුවු ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජයට එරෙහිව එන්.සී.සී. පිටියේදී පළමු ඉනිමේ ජයක් අත්කර ගනිමින් අනුශූරතාව දිනාගත්තේ ප්‍රසාද ලකුණු 75.20ක් සමගිනි. මේ පළමු ඉනිමේ පරාජය හේතුවෙන් ද්‍රවිඩ සංගම් පිල 6 වැනි ස්ථානය දක්වා පහත බැස්සේය. අවසන් සතියේ තරග ආරම්භ වනවිට ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවූ එස්.එස්.සී. ක්‍රීඩා සමාජය, හලාවත මේරියන්ස් පිල සමග පී.සරා ඕවල් පිටියේ පැවැති තරගයෙන් කඩුලු 3කින් පරාජයට පත්වීමෙන් පස්වැනි ස්ථානය දක්වා පහතට වැටිණි. මේ ජය සමගින් හලාවත ක්‍රීඩා සමාජය තෙවැනි ස්ථානය හිමිකර ගත්තේය. යුද හමුදාවට එරෙහිව ආර්.ප්‍රේමදාස පිටියේ පැවැති තරගයෙන් කඩුලු 10ක ජයක් අත්කරගත් කෝල්ට්ස් ක්‍රීඩකයෝ 5වැනි ස්ථානයේ සිට සිවුවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණි අතර එන්.සී.සී. ක්‍රීඩා සමාජය සහ යුද හමුදාව 7 වැනි සහ 8 වැනි ස්ථාන හිමිකර ගත්හ.

නිමාවට පත්වූ සුපිරි අට අවසන් සතියේදී කැපී පෙනෙන පිතිකරු බවට සැරසන්ස් ක්‍රීඩා සමාජයේ ප්‍රමෝද් මධුවන්ත පත්වූයේ මෙවර තරගාවලියේ දෙවැනි ද්විත්ව ශතකය රැස් කරමිනි. ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජයට එරෙහිව පළමු ඉනිමේදී පන්දු 483කට මුහුණදුන් ප්‍රමෝද් හතරේ පහර 18ක් සමගින් ලකුණු 212ක් රැස් කළේය. ඔහු මින් පෙර හලාවත ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 217ක් රැස්කර තිබිණි.

මේ තරගවලදී කෝල්ට්ස් පිලේ ධනංජය ලක්ෂාන් (141), ප්‍රියමාල් පෙරේරා (127) සහ විශාද් රන්දික (106), යුද හමුදාවේ ඩිල්ෂාන් ද සොයිසා (139) සහ අසේල ගුණරත්න (123), එන්.සී.සී කණ්ඩායමේ මහේල උඩවත්ත (162), පැතුම් නිශ්ශංක (119) සහ චතුරංග ද සිල්වා (114), සී.සී.සී පිලේ රොන් චන්ද්‍රගුප්ත (118) සහ මිනෝද් භානුක (104), හලාවත ක්‍රීඩා සමාජයේ නිමේෂ් විමුක්ති (10) සහ රිසිත් උපමාල් (112), ද්‍රවිඩ සංගම් පිලේ තරංග පරණවිතාන (175) සහ සචිත්‍ර සේරසිංහ (124) සමග සැරසන්ස් කණ්ඩායමේ නිපුන් කරුණානායක (149) ශතක රැස් කළහ.

නිමාවූ සතියේ දක්ෂතම පන්දු යවන්නා බවට සී.සී.සී ක්‍රීඩා සමාජයේ වනිඳු හසරංග පත්වූයේ එන්.සී.සී පිලට එරෙහිව ඉනිම දෙකෙදී කඩුලු 10ක් දවා ගනිමිනි. ඔහු දෙවැනි ඉනිමේදී ලකුණු 80කට කඩුලු 6ක් දවා ගත්තේය. එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ සචිත්‍ර සේනානායකද ඉනිමකදී කඩුලු 6ක් දවාගත් අතර චතුරංග ද සිල්වා (එන්.සී.සී.) සහ සාගර් පරේෂ් (හලාවත) කඩුලු 5 බැගින් බිඳ දමමින් දස්කම් දැක්වූහ.

සී.සී.සී පිලට කඩුලු 5ක ජයක්

එන්.සී.සී පළමු ඉනිම - 411 (ඕවර 104.3) මහේල උඩවත්ත 162, පැතුම් නිශ්ශංක 119 (වනිඳු හසරංග 63/4, අශාන් ප්‍රියංජන් 52/2, ළහිරු මදුශංක 52/2) සහ දෙවැනි ඉනිම - 305 (ඕවර 73.4) චතුරංග ද සිල්වා 114, පැතුම් නිස්සංක 70, සාරංග රාජගුරු නොදැවී 59, ළහිරු උදාර 50 (වනිඳු හසරංග 80/6, මාලින්ද පුෂ්පකුමාර 78/3)

සී.සී.සී පළමු ඉනිම - 427 (ඕවර 98.3) රොන් චන්ද්‍රගුප්ත 118, මිනෝද් භානුක 104, අශාන් ප්‍රියංජන් 51 (චතුරංග ද සිල්වා 104/5, අසිත ප්‍රනාන්දු 71/3) සහ දෙවැනි ඉනිම - 290/5 (ඕවර 57.3)මිනෝද් භානුක 85, අෂාන් ප්‍රියංජන් නොදැවී 60, මාධව වර්ණපුර 56, වනිඳු හසරංග නොදැවී 48 (සාරංග රාජගුරු 58/4)

කෝල්ට්ස් කඩුලු 10කින් දිනයි

කෝල්ට්ස් පළමු ඉනිම - 574/9 (ඕවර 148.1) ඉනිම අත්හිටුවන ලදි. ධනංජය ලක්ෂාන් 141, ප්‍රියමාල් පෙරේරා 127, විශාද් රන්දික 106, අවිෂ්ක ප්‍රනාන්දු 75, නිසල තාරක 55 (අසේල ගුණරත්න 40/2, නුවන් ලියනපතිරණ 67/2, බුද්ධික මදුෂංක 91/2, ධනුෂික බණ්ඩාර 124/2) සහ දෙවැනි ඉනිම - කිසිවකු නොදැවී ලකුණු 41 (ඕවර 9)

යුද හමුදා පළමු ඉනිම - 168 (ඕවර 48.5) හිමාෂ ලියනගේ 46 (නලින් ප්‍රියදර්ශන 32/4, නිසල තාරක 43/3, ජෙහාන් ඩැනියල් 33/2) සහ දෙවැනි ඉනිම - 446 (ඕවර 108) ඩිල්ෂාන් ද සොයිසා 139, අසේල ගුණරත්න 123, හිමාෂ ලියනගේ 48 (නිසල තාරක 74/3, ප්‍රියමාල් පෙරේරා 14/2, ජෙහාන් ඩැනියල් 58/2, ප්‍රවීන් ජයවික්‍රම 104/2)

හලාවත කඩුලු 3කින් ජයගනී

එස්.එස්.සී පළමු ඉනිම - 374 (ඕවර 101) සචිත්‍ර සේනානායක 89, සම්මු අශාන් 79, ආකාෂ් සේනාරත්න 56 (සාගර් පරේෂ් 138/4, පුලින තරංග 58/3) සහ දෙවැනි ඉනිම - 265/9 (ඕවර 69) ඉනිම අත්හිටුවන ලදි. කවිඳු කුලසේකර 71, දසුන් ශානක 68, නිපුන් ධනංජය 61 (සාගර් පරේෂ් 107/5, පුලින තරංග 42/3)

හලාවත පළමු ඉනිම - 274 (ඕවර 73.3) තික්ෂිල ද සිල්වා 72, පුලින තරංග 51 (සචිත්‍ර සේනානායක 73/6) සහ දෙවැනි ඉනිම - 368/7 (ඕවර 98) නිමේෂ් විමුක්ති 120, රිසිත් උපමාල් නොදැවී 112 (හිමේෂ් රාමනායක 39/3, සචිත්‍ර සේනානායක 100/3)

පළමු ඉනිමේ ජය සැරසන්ස්ට

ද්‍රවිඩ සංගම් පළමු ඉනිම - 330 (ඕවර 101.4) මනෝජ් සරත්චන්ද්‍ර 68, සිතාර ගිම්හාන 52, තරංග පරණවිතාන 50 (සාලිය සමන් 40/3, ගමිඳු අමරසිංහ 74/3) සහ දෙවැනි ඉනිම - 345/3 (ඕවර 83.2) තරංග පරණවිතාන 175, සචිත්‍ර සේරසිංහ 124

සැරසන්ස් පළමු ඉනිම - 574/9 (ඕවර 166.4) ඉනිම අත්හිටුවන ලදි. ප්‍රමෝද් මධුවන්ත 212, නිපුන් කරුණානායක 149, අශේන් බණ්ඩාර 94, ඇන්ඩි සොලමන්ස් 77 (රමිත රඹුක්වැල්ල 96/4, රංගන හේරත් 73/2)

 

නව අදහස දක්වන්න