“එකට සිටිමු” ජනපති අතින් අද | දිනමිණ

“එකට සිටිමු” ජනපති අතින් අද

“එක්ව සිතන්න, එක්ව හැදෙන්න” තේමාව යටතේ 71 වැනි ජාතික දින සැමරුමට සමගාමීව සංවිධාන කෙරුණු “එකට සිටිමු” සමාරම්භක උළෙල සහ සංස්කෘතික ප්‍රසංගය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පස්වරුවේ කොටුව ලෝක වෙළෙඳ  මධ්‍යස්ථානයේ සහ ඕලන්ද රෝහල් පරිශ්‍රය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වේ.

ජාතික වැදගත්කමකින් යුතු සියලු වැඩසටහන්වලදී එක්ව ක්‍රියාත්මකවීම දිරිගන්වමින් යන අලුත් ගමනක ප්‍රවේශය සනිටුහන් කරමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති අංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මඟින් මෙම වැඩසටහන සංවිධානය කර තිබේ.

විවිධ ක්ෂේත්‍රයන් තුළින් මාතෘ භූමියට කීර්තියක් අත්කරදුන් සහ මනුෂ්‍යත්වය විදහාදැක්වූ විශේෂිත පුද්ගලයන් කිහිපදෙනකු ඇගැයීමට ලක්කරමින් සම්මාන පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුකෙරේ.

නව අදහස දක්වන්න