දායක ඇටමිදුලු බද්ධය අපේක්ෂා රෝහලින් | දිනමිණ

දායක ඇටමිදුලු බද්ධය අපේක්ෂා රෝහලින්

මහරගම අපේක්ෂා රෝහලේ දායක ඇටමිදුලු බද්ධය ආරම්භ කිරීමට සුව ඇමැති සැරසෙයි.

මහරගම අපේක්ෂා රෝහලේ දී දායක ඇටමිදුලු බද්ධය ආරම්භ කිරීමට සැරසේ.

ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි. ඒ මහතා මේ බව සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගිය දා පැවැති සාකච්ජාවක දීය. ඇටමිදුලු බද්ධය ආරම්භ කිරීම සදහා මහරගම අපේක්ෂා රෝහලේ පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව මෙහි දී සාකච්ඡා කෙරිණි.

මෙම රෝහලේ මෙතෙක් සිදු කළේ ස්වයං ඇටමිදුලු බද්ධයයි. එවැනි ඇටමිදුලු බද්ධ කිරීම් 50ක් සිදු කර ඇත. මෙම රෝහලේ දැනට කාමර 2ක ඇටමිදුලු බද්ධයට නියමිත රෝගීන් නතර කර ඇති අතර එම කාමර සංඛ්‍යාව 8 දක්වා වැඩිකර දෙන ලෙස විශේෂඥ වෛද්‍යවරු ඉල්ලා සිටියහ. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පොරොන්දු වූ අතර, තවත් පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන් එම රෝහලට අනුයුක්ත කිරීමට ද තීරණය කෙරිණි.

දායක ඇටමිදුලු බද්ධය ආරම්භ කිරීම සඳහා මෙම රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 4ක්, වෛද්‍යවරුන් 5ක්, හෙදහෙදියන් 5 සහ රසායනාගාර විද්‍යාඥයන් 2කට විධිමත් පුහුණුවක් ලබා දී ඇත. ඒ ඔසට්‍රේලියාවේ සිඩ්නි නුවර පිටි සෙන් වින්සන්ට් රෝහලෙනි. අවශ්‍ය පහසුකම් ලබාදුන් පසු දායක ඇටමිදුලු බද්ධ කිරීම 2019 වසරේ දී ආරම්භ කිරීමට මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරුන් සුදානමින් සිටින බව විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ මහතා මෙහිදී පැවැසීය.

නව අදහස දක්වන්න