බම්බලපිටියේ පාවහන් වෙළඳසැලක ගින්නක් | දිනමිණ

බම්බලපිටියේ පාවහන් වෙළඳසැලක ගින්නක්

බම්බලපිටිය, ගාලු පාර ආසන්නයේ පිහිටි පාවහන් වෙළඳසැලක හදිසි ගින්නක් හට ගෙන තිබේ.
 
ඊයේ(11) සවස 3.15 ට පමණ මෙම ගින්න හට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.
 
බම්බලපිටිය පොලීසියට ලද ‍තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වු පොලිස් නිලධාරීන්, කොළඹ මහ නගර සභාවේ ගිනි නිවිමේ ඒකකය හා විදුලි නඩත්තු ‍ඒකකය මෙන්ම ප්‍රදේශවාසීන් එක්ව ගින්න සම්පූර්ණයෙන් පාලනය කර තිබේ.
 
ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර ගින්නෙන් සිදුව ඇති අලාභය මෙතෙක් තක්සේරු කර නොමැත.
 
ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර බම්බලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.

නව අදහස දක්වන්න