දියේ ගිලී පාසල් සිසුවෙක් මරු‍ට | දිනමිණ

දියේ ගිලී පාසල් සිසුවෙක් මරු‍ට

උඩපුස්සැල්ලාව පොලිස් වසමේ රුපහ ප්‍රදේශයේ දී දියේ ගිලී පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වතෙැයි පොලිසිය පවසයි.
 
ඊයේ (11) සවස 3.45ට පමණ මෙය සිදුව තිබේ. 
 
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 14 ක් වු පන්සල අසල, රුපහ උඩපුස්සැල්ලාව ලිපිනයේ පදිංචි සමරකෝන් මුදියන්සේලාගේ පසිදු මධුරංග නැමැති පාසල් සිසුවෙකි.
 
මිය ගිය දරුවා නිවස ආසන්නයේ ඇලක වැටී සිටිය බවට ‍ඔහුගේ සහෝදරයින් දෙදෙනෙකු දැක එය පියාට දැනුම් දීමෙන් පසු පියා විසින් දියේ ගිලී සිටි දරුවා ගොඩට ගෙන තිබේ.අනතුරුව රුපහ ප්‍රාථමික රෝහලට ඇතුළත් කිරීමේ දී දරුවා මිය‍ ගොස් ඇත.
 
මියගිය දරුවා මීමැස්මොර රෝගයෙන් පෙළෙන බව ද විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය සදහන් කරයි.
 
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය රෝහලට රැගෙන ගොස් තිබෙන අතර අද(12) දින පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.
 
උඩපුස්සැල්ලාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
 
 
 
 
 

නව අදහස දක්වන්න