ප්‍රමිතියෙන් තොර හිස්වැසුම් ගෙන්වීම නතර කිරීමට සූදානම් | දිනමිණ

ප්‍රමිතියෙන් තොර හිස්වැසුම් ගෙන්වීම නතර කිරීමට සූදානම්

ප්‍රමිතියෙන් තොර හිස්වැසුම් භාවිතය හේතුවෙන් යතුරුපැදි අනතුරුවල දී  ජීවිත හානි සිදුවන ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසයි.
 
ප්‍රමිතියෙන් තොර හිස්වැසුම් මෙරටට ගෙන්වීම නතර කරන බව ගම්පහ පැවති උත්සවයකදී අමාත්‍යවරයා කියා සිටියේය.
 
ඉහළ යන රිය අනතුරු පිළිබද පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනේ තවත් අදියරක් ගම්පහ බණ්ඩාරනායක මහා විද්‍යාලයේ දී ඊයේ(11) පැවැත්වුණි. මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව එය සංවිධාන කළේය. දැනුවත් වීමේ මාර්ග සංඥා පුවරුවක් විවෘත කිරීම ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. 

අදහස් 1ක් ඇත

නව අදහස දක්වන්න