දුම්රිය වෘත්තීය සමිති සන්ධානයෙන් අනතුරු ඇඟවීමක් | දිනමිණ

දුම්රිය වෘත්තීය සමිති සන්ධානයෙන් අනතුරු ඇඟවීමක්

දුම්රිය දෙපාර්තමේන්තුවේ තිබෙන 6000ක පුරප්පාඩු පුරවා ආදේශක අනියම් සේවකයින් ස්ථිර කොට කාර්යක්‍ෂම  දුම්රිය සේවාවක් පවත්වාගෙන යාමට දුම්රිය බලධාරීන් කටයුතු නොකරන්නේ නම් එළඹෙන සිංහල අලුත් අවුරුද්දට පෙර දැඩි වෘත්තීය සමිත ක්‍රියාමාර්ගයක් ගන්නා බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසයි.
 
අද වන විට සියළුම දුම්රියන් ප්‍රමාදවී ධාවනය වන බව දුම්රිය වෘත්තීය සමිත සන්ධානයේ කැඳවුම්කරු එස්. පී. විතානගේ මහතා සදහන් කළේය.
 
දිනකට දුම්රිය ගමන්වාර 384ක් ධාවනය වුවද දිනපතාම දුම්රිය ගමන්වාර විස්සක් - තිහක් පමණ කිසිදු දැනුම් දීමකින් තොරව අවලංගු කෙරේ. 
 
අද දුම්රිය සේවයේ සිටින්නේ විසිදහස් දෙසිය විසි දෙකක් බව එස්. පී. විතානගේ මහතා පැවසීය.
 
කළමනාකාර සහකාර කාර්මික, කළමනාකරණ සහකාර තාක්‍ෂණ ශිල්පීන්ගේ 3055ක පුරප්පාඩු පවතී. කම්කරු ශ්‍රේණිගත සේවකයින්ගේ පුරප්පාඩු 3000ක් කපා හැර ඇත. දුම්රිය ස්ථානාධිපති සේවයේ පුරප්පාඩු 200ක්, ප්‍රධාන දුම්රිය ස්ථානාධිපතිවරු 60ක් ඇතුළු තවත් විශාල ප්‍රමාණයක් පුරප්පාඩුව පවතින බව ඒ මහතා පෙන්වා දෙයි. 

නව අදහස දක්වන්න