ඉදිරියේ දී සාම විනිසුරු තනතුරු ලබාදීමේ දී වෙනසක් | දිනමිණ

ඉදිරියේ දී සාම විනිසුරු තනතුරු ලබාදීමේ දී වෙනසක්

අධිකරණ කලාප වෙනුවට සාම විනිසුරු තනතුරු පරිපාලන දිස්ත්‍රික්කයට හා පරිපාලන කොට්ඨාශයට ලබාදීමට කටයුතු කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.
 
ඇය මේ බව කියා සිටියේ සාම විනිසුරුවරුන් සදහා පත්වීම් පිරිනැමීමේ උත්සවයකට රත්නපුර කහවත්ත පනාවැන්න ප්‍රදේශයේදී ඊයේ (11) එක්වෙමිනි.
 
මෙහිදි සාම විනිසුරු පත්වීම් 220 ක් ලබා දෙන ලදී .1804 පෙබරවාරි 04 වනදි ඉංග්‍රීසින් මෙරට පාලනය කරන කාලයේදි මුලින්ම සාම විනිසුරු පත්වීම් ලබා දී තිබේ.1978 අංක 2 දරණ අධිකරණ සංවිධාන පනතේ 4 වන වගන්තිය අනුව මෙම සාම විනිසුරු පත්වීම් ලබාදිම සිදු කෙරිණි.
 
එහිදි තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරිය මෙසේ ද සදහන් කළාය.
 
“සමහර වෙලාවට නීති විරෝධී මත් ද්‍රව්‍ය ව්‍යාපාරවල යෙදුනු අයටත් මේ තනතුර ලබාදීලා තියෙනවා.අපි ඒවා නවත්වලා තියෙනවා .මේකේ අවශ්‍යතාවයට හොයලා බලන්නේ දේශපාලනය නොවෙයි.සමාජයේ හොදට ඉන්න අයයි මේවාට තෝරා ගන්නේ .දැන් සමථ මණ්ඩල සදහා පන්සලේ හාමුදුරුවෝ විදුහල්පතිතුමා වැනි වැනි අය පත් කරන්නේ.දැන් සමථ මණ්ඩලවලට රුපියල් ලක්ෂ පහක් දක්වා වටිනාකමක් තියෙන ඒවා විසදන්න පුළුවන්.සමහර අය මේ තනතුරුවල තියෙන වටිනාකම දන්නේ නැහැ.ඒවාගේ වගකීම දන්නේ නැහැ.ළගදී නීතියක් ගේනවා .
 
සාම විනිසුරු තනතුරු අධිකරණ කලාප වෙනුවට මුළු දිවයිනටම දෙන එක හැරුණහම පරිපාලන දිස්ත්‍රික්කයට හා පරිපාලන කොට්ඨාශයට එහෙමත් නැතිනම් මේ සාම විනිසුරු ධූර ලබා දෙන තත්වයක් ඇති කරන්න .මේවා කරන්නේ ජනතාවගේ පහසුවට.අද සිංහල කම ගැන බෞද්ධකම ගැන ජාතිය ගැන මහ ලොකුවට කථා කරනවා.හැබැයි ඒ කථා කරන ගමන්ම ඒ අය සමාජයේ ඉතාම නරක විදිහට හැසිරෙන නීති විරෝධී වැඩ කරන අයට බලපත්‍ර ලබා දීපු යුගයකුත් තිබිලා තියෙනවා.අද අපේ රට ජාත්‍යන්තර අපරාධ කාරීන් බවට පත් වෙලා තියෙනවා.ඊයේ පෙරේදා සමහර සිද්ධි නිසා .2015 ට ඉස්සෙල්ලා අපේ රට හොද පැත්තකට හැරිලා තිබුණේ නැහැ.අපි යුද්ධය අවසන් වුණා කියලා සතුටු වුණා.හැබැයි අපි මත් ද්‍රව්‍ය කේන්ද්‍රස්ථානයක් බවට මේ රට 2014 වෙන කොට පත් කරලා තිබුණා.“
 

නව අදහස දක්වන්න