හෙලිකොප්ටර් - ලොරි රථ අනතුරකින් මාධ්‍යවේදියෙක් මරුට | දිනමිණ

හෙලිකොප්ටර් - ලොරි රථ අනතුරකින් මාධ්‍යවේදියෙක් මරුට

බ්‍රසීලයේ ‍සුප්‍රකට මාධ්‍යවේදීයකු වන රිකාර්ඩො බොචැට් (Ricardo Boechat) ගමන් ගත හෙලිකොප්ටර් යානය ලොරි රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් ඔහු මියගොස් ඇති බව වාර්තා වේ. 
 
මේ  අනතුර සිදු වී ඇත්තේ හෙලිකොප්ටර් යානය ගොඩ බැස්වීම සඳහා ගමන් කරමින් සිටියදී මාර්ගයේ ගමන් ගත් ලොරියක එහි ගැටීම හේතුවෙනි. 
 
එහි ගමන් ගත් 66 හැවිරිදි මාධ්‍යවේදියාත් එහි නියමුවාත් මිය ගිය බවත් බ්‍රසීල ජනමාධ්‍යයේ ඉතා ශෝචනීය මොහොතක් බවත් ඒ පිළිබඳව නිවේදනය කරමින් එරට රූපවාහිනී හා ගුවන් විදුලිය මගින් ප්‍රකාශ කළේය. 
 
ඔහුගේ මරණය පිළිබඳ කණගාටුවට පත් එක් මාධ්‍යවේදියකු ඔහු හඳුන්වා දෙනු ලැබුවේ " මාධ්‍යවේදියාගේ මාධ්‍යවේදියෙක් " ලෙසිනි. 
 
මෙම අනතුරින් ලොරි රථ රියදුරු සුළු තුවාල ලබා ඇත.

නව අදහස දක්වන්න