තිස්සගේ නඩුව සමථයකට පත් කැර ගන්න සූදානමක් | දිනමිණ

තිස්සගේ නඩුව සමථයකට පත් කැර ගන්න සූදානමක්

කුමුදු හෙට්ටිආරච්චි

ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර රනිල් වික්‍රමසිංහ මහතා හා මෛත්‍රීපාල සිරිසේන මහතා අතර රහස් ගිවිසුමක් ඇති බව ප්‍රකාශ කරමින් ව්‍යාජ අත්සනකින් යුත් ව්‍යාජ ලේඛනයක් පුවත්පත් සාකච්ඡාවකදී ඉදිරිපත් කළ බවට අධි චෝදනා ලැබ සිටින හිටපු ඇමැති තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුව සමථයකට පත්කැර ගැනීමට දෙපාර්ශවයම කැමැත්ත දක්වන බව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා වෙත ඊයේ (12) දැන්වීය. නඩුව ඊයේ (12) කැඳවූ අවස්ථාවේ තිස්ස අත්තනායක මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණයට දන්වා සිටියේ නඩුව සම්බන්ධව පැමිණිල්ලේ සාක්කිකරුවන්ගේ උනන්දුවක්ද නොමැති හෙයින් විත්තිකරුට එරෙහි චෝදනා ඉල්ලා අස්කර ගන්නා ලෙසට තමන් නීතිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් සිදුකැර ඇති බවයි.

 

නව අදහස දක්වන්න