TRI-ZEN කොන්ත්‍රාත්තුව CSCEC සමාගමට | දිනමිණ

TRI-ZEN කොන්ත්‍රාත්තුව CSCEC සමාගමට

බ්‍රේබෲක් රෙසිඩෙන්ෂල් ටවර්ස් (පුද්) සමාගම ක්‍රියාවට නංවන පුරෝගාමී නිවස ව්‍යාපෘතියක් වන TRI-ZEN ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරු ලෙස චයිනා ස්ටේට් කන්ස්ට‍්‍රක්ෂන් ඉංජිනියරින් කෝපරේෂන් සමාගම (China State Construction Engineering Corporation Ltd- CSCEC)පත්කර ඇත.

ජෝන් කීල්ස් සමාගම සහ ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් සමාගම අතර හවුල්කාරීත්වයක් ලෙස ආරම්භ වූ TRI-ZEN ව්‍යාපෘතිය, රටේ ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයන්ට හා වෘත්තිකයන්ට අලංකාර, නවීන මහල් නිවාස පෙළක් සහනදායී මිලකට ලබාදීම අරමුණු කරගෙන ක්‍රියාවට නංවන ලදී.

බ්‍රේබෲක් රෙසිඩෙන්ෂල් ටවර්ස් (පුද්) සමාගම සහ CSCEC සමාගම අතර ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට එම සමාගම් දෙකෙහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවෝ රැසක් සහභාගී වූහ.

TRI-ZEN ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරු ලෙස CSCEC සමාගම පත්කිරීමට ලැබීම අපට විශාල සතුටක්. ලොව විශාලතම ඉදිකිරීම් සමාගමක් ලෙස සැලකෙන CSCEC සමාගම දැනටමත් ආසියාව, අප්‍රිකාව සහ යුරෝපය යන මහද්වීපවල ව්‍යාපෘති රාශියක් සාර්ථක ලෙස සම්පූර්ණ කර තිබෙනවා.”‍ මෙම අවස්ථාවට සහභාගී වෙමින් ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් (පුද්) සමාගමේ සභාපති ඉන්ද්‍රා සිල්වා මහතා පැවසී ය.

නව අදහස දක්වන්න