CINEC ගුවන් යානා පාඨමාලාවට නවක සිසුන් | දිනමිණ

CINEC ගුවන් යානා පාඨමාලාවට නවක සිසුන්

ගුවන් යානා නඩත්තු ඉංජිනේරු පාඨමාලා සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත CINEC සරසවිය 2019 ජනවාරි කණ්ඩායමේ පුරප්පාඩු සීමිත සංඛ්‍යාවක් සඳහා අයැදුම්පත් කැඳවයි. ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා සමග යාවත්කාලීන වන CINEC සරසවිය දිවයිනේ වෙනත් කිසිදු ආයතනයක නොමැති නව පාඨමාලා සැලසුම් කරමින් ක්ෂේත්‍රයට උත්තේජනයක් සපයයි. CINEC සරසවිය B1.1 (Aeroplane Turbine) බලපත්‍ර කාණ්ඩය යටතේ ගුවන් යානා නඩත්තු ඉංජිනේරු පාඨමාලා පවත්වන්නේ යුරෝපා සිවිල් ගුවන්සේවා ආරක්ෂක ඒජන්සියේ 66 වැනි කොටසේ විෂය නිර්දේෂය අනුවය. ගුවන් යානා නඩත්තු ඉංජිනේරුවකු වන්නට අවශ්‍ය ගැඹුරු සෛද්ධාන්තික දැනුම මෙන්ම ප්‍රායෝගික දැනුමද ඊට ඇතුළත්ය. අදාළ විෂය නිර්දේෂය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ විභාග පැවැත්වීමට බ්‍රිතාන්‍ය සිවිල් ගුවන් සේවා අධිකාරියේ පිළිගැනීම ඇති එකම ශ්‍රී ලාංකීය ආයතනය වන්නේ CINEC සරසවියයි.

CINEC සරසවියේ සිවිල් ගුවන් යානා නඩත්තුව පුහුණු වන සිසු සිසුවියන්ට ලියර් ජෙට් යානයක පැය 600ක ප්‍රායෝගික නඩත්තු පුහුණුවක්ද, අමතර පැය 600ක ප්‍රායෝගික පුහුණුවක්ද CINEC ආයතනය තුළදීම සපයයි. විෂය නිර්දේශයේ අවශ්‍යතාවලට අමතරව Hydraulic Simulators, Non Destructive Testing (NDT) සහ Composite පුහුණුවක්ද සපයයි. වසර 35කට වැඩි පළපුරුද්දක් ඇති ගුවන් යානා ඉංජිනේරුවන්ගෙන්, කළමනාකරුවන්ගෙන් හා ගුවන් යානා කටයුතු විශේෂඥයන්ගෙන් සැදුම් ලත් දේශක මඬුල්ලකින් CINEC ආයතනය සමන්විතය.Airbus A320, A320 Neo, A330 Boeing 737-800 යන Twin otters 800 Twin otters යන යනාදි ගුවන් යානාවල නඩත්තුව පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් සැපයීම සඳහා එයාර් සීෂෙල්ශ් සමාගමේ සහ එයාර් වර්ක්ඞ් ඉන්ඩියා සමාගමේ දෙවසරක සේවා පුහුණුවක්ද සපයයි. එමෙන්ම ඉදිරි අනාගතයේදී එයාර් සීෂෙල්ස් සමාගමේ පුහුණුව ලබා දීමටද CINECආයතනය බලාපොරොත්තු වේ. වැඩි විස්තර 0774465632 අංකයෙන් හා [email protected] විද්‍යුත් ලිපිනයෙන් ලබා ගත හැකිය.

නව අදහස දක්වන්න