මහ කන්නයේ වී අස්වැන්න ටොන් මිලියන 2.85 ක් | දිනමිණ

මහ කන්නයේ වී අස්වැන්න ටොන් මිලියන 2.85 ක්

මහකන්නයේ වී අස්වැන්න ටොන් මිලියන 2.85ක් වනු ඇතැයි බලාපොරොත්තුවෙයි. 2015 ,2016 දී නියඟයෙන් පසු පහත වැටුනු වි නිෂ්පාදනය මෙවර යලි යතාත්වයට පත්වනු ඇතැයි අපේක්ෂාව වී තිබේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව 2018/2019 මහ කන්නයේ අක්කර 828,455 ක ඉලක්කයක් සපුරා ඇති ‍අතර පසුගිය දෙසැම්බර් මාසයේ සිට මේ වන විට වගා කර ඇති බිම් ප්‍රමාණය අක්කර 743,000 කි.

පසුගිය වසරේ නියඟය නිසා මෙන්ම උතුරු සහ නැගෙනහිර ගංවතුර හේතුවෙන් හෙක්ටයාර් 42,000 ක පමණ හානියට පත් වී ඇත.මේ අනුව මෙම මහකන්නයේ අස්වැන්න පසුගිය වසරට සාපේක්ෂව සියයට 18.8 කින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරයි.

නව අදහස දක්වන්න