මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය රජුට එරෙහි සියළු චෝදනා ඔප්පු වෙයි | දිනමිණ

මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය රජුට එරෙහි සියළු චෝදනා ඔප්පු වෙයි

 
මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය රජු ලෙස සැලකෙන එල් චාපෝ ගුස්මන්ට, එරෙහි සියලු චෝදනාවලට ඔහු වරදකරු බව අමෙරිකාවේ නිව්යෝර්ක් ෆෙඩ්රල් අධිකරණය තහවුරු කර තිබේ.
 
2016 වසරේ ජනවාරි මාසයේ දී ගුස්මන්, අත්අඩංගුවට පත් වූ අතර මූලික චෝදනා 10ක් යටතේ ඔහුට එරෙහිව නඩු විභාග පැවැත්විණ.
 
61 හැවිරිදි එල් චාපෝ ගුස්මන් මත්ද්‍රව්‍ය ජාවාරම් තුලින් විශාල ධනස්කන්දයක් උපයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
2009 වසරේ ෆෝඩ්ස් සඟරාවට අනූව ඔහු ලොව 701 වැනි බිලියන පතියායි. ඔහුගේ දළ ආදායම බිලියනයකි.
 
මත්ද්‍රව්‍ය ජාවාරම්වලට අමතරව තවත් බොහෝ සංවිධානාත්මක අපරාධ රැසක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ. සිය ගණනක් වූ පුද්ගල ඝාතන ද ඊට ඇතුළත්ය. කෙසේ වෙතත් ඔහුට නියම වන දඩුවම පිළිබඳව මෙතෙක් නිශ්චිත සඳහනක් නොමැත. ජීවිතාන්තය තෙක් සිරදඩුවම් නියමවනු ඇති බවට විශ්වාස කෙරේ.

නව අදහස දක්වන්න