‘සේනා’ ගැන දැනුවත් කරති | දිනමිණ

‘සේනා’ ගැන දැනුවත් කරති

සේනා දළඹුවා නිවැරදිව හදුනා ගැනීම සදහා ජනතාව දැනුවත් කිරීම හා වගා කටයුතු සදහා ගොවීන් තුළ පවතින අනිසි බිය නැති කිරීම සදහාත් ඉංගිරිය ප්‍රාදේශීය කෘෂිකර්ම උපදේශක කාර්යාලෙයන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරිණි.

වගවත්ත හන්දියේ සිට නම්බපාන දක්වා ග්‍රාමසේවා වසම් 8ක වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වු අතර රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන වෙළදසල් සතිපොළ ඇතුළු ස්ථාන නිරීක්ෂණය කිරීම හා ගොවි ක්ෂේත්‍ර නිරීක්ෂණය කර අවශ්‍ය උපදෙස් ලබා දීමද සිදු කෙරිණි. ඉංගිරිය කෘෂිකර්ම උපදේශක සුභාෂ් දේශප්‍රිය මහතාගේ මුලිකත්වයෙන් ෙමය සිදු කැරිණි.

ඡායා-ඉංගිරිය සමූහ - කුමාරි ගමගේ

නව අදහස දක්වන්න