දුර්ලභ කලු දිවියෙක් හමුවෙයි | දිනමිණ

දුර්ලභ කලු දිවියෙක් හමුවෙයි

අප්‍රිකාවට පමණක් ආවේනික වූ දුර්ලභ කලු දිවියෙකු හමුවී තිබේ. 
 
බ්‍රිතාන්‍ය ඡායාරූප ශිල්පියෙකු සදහන් කරන්නේ කෙන්යාවේ ලයිකීපියා වනෝද්‍යානයේදී මෙම කලු දිවියා දැකගැනීමට හැකි වූ බවයි.
 
 වාර්තා වන අන්දමට  මෙම සත්වයා දැකගන්නට ලැබී තිබෙන්නේ වසර සියයකට පමණ පසුවයි.  මේ වන විට එම සත්වයාගේ ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර  මෙවැනි දුර්ලභ කලු දිවියෙකු පිළිබද  මීට පෙර වාර්තා වුණේ  1909 වසරේ අප්‍රිකාවේ වනාන්තරයකින් බව සඳහන්ය. 

නව අදහස දක්වන්න