රාජකීය-සා.අන්තෝනි අවසන් ගැටුම හෙට | දිනමිණ

රාජකීය-සා.අන්තෝනි අවසන් ගැටුම හෙට

රාජකීය විදුහල් පිල සහ සා.අන්තෝනි විදුහල් පිල

කොළඹ රාජකීය විදුහල් ‘ඒ’ කණ්ඩායම සහ මහනුවර සාන්ත අන්තෝනි විදුහල අතර අවුරුදු 13න් පහළ පළමු පෙළ අවසන් මහා ක්‍රිකට් තරගය හෙට (16) කුරුණෑගල මලිදේව ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා ආයතනයේ අනුග්‍රහයෙන් මේ අන්තර් පාසල් තරගාවලිය සංවිධාන කරයි.

නෙත්වින් ධර්මරත්නගේ නායකත්වයෙන් රාජකීය විදුහල අවසන් තරගයට එක්වන අතර සාන්ත අන්තෝනි පිල මෙහෙයවන්නේ ඉඳුවර ගලපිටගේ විසිනි.

තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයේදී රාජකීය විදුහල් ‘ඒ’ කණ්ඩායම විසින් කොළඹ මහානාම විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් සමගින් අවසන් පූර්ව වටයට පිවිසි අතර එහිදී කොළඹ සාන්ත පීතර විදුහල සමග තරගයේ ප්‍රසාද ලකුණු මත අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

මොරටුව වේල්ස් කුමර විදුහලට එරෙහිව පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ප්‍රසාද ලකුණු මත අවසන් තරගයට පිවිසි සාන්ත අන්තෝනි ක්‍රීඩකයෝ ඉන් පෙර පැවැති අර්ධ අවසන් පූර්ව තරගයෙන්ද කොළඹ සාන්ත ජෝශප් විදුහලට එරෙහිව ප්‍රසාද ලකුණු මත ඉදිරියට පිවිසියේය.

රාජකීය විදුහල් සංචිතය: නෙත්වින් ධර්මරත්න (නායක), ෂෙහාත් පෙරේරා (උප නායක), බුලාන් වීරතුංග, ඔවින අඹන්පොල, කෙවාන් පනාපිටිය, හිරුණ රණවක, රනුක මලවිආරච්චි, බුදා කුමාරතුංග, හිරුණ වික්‍රමසිංහ, තිසග අර්ථනායක, සංක රණවක, ගිහාන් මුණසිංහආරච්චිගේ, ෂෙහාස් සමරවික්‍රම, කවිත බණ්ඩාර, නිතික ද අල්විස්, රවිඳු ගුරුසිංහආරච්චිගේ, සනිතු මීගස්දෙණිය, සහන් සාරංග, තෙසඳු හේවාගම්පලගේ, රෂාන් පීරිස් (ප්‍රධාන පුහුණුකරු), නිසංසල මෙන්ඩිස් (සහාය පුහුණුකරු), ළහිරු ප්‍රනාන්දු (සහාය පුහුණුකරු), ප්‍රගීත් ප්‍රනාන්දුපුල්ලේ (සහාය පුහුණුකරු), ඩී.එම්.කේ. දිසානායක (කණ්ඩායම භාර ආචාර්ය), බී.ඒ.අබේරත්න (විදුහල්පති)

සා.අන්තෝනි සංචිතය - ඉඳුවර ගලපිටගේ (නායක), චාරුක ඒකනායක (උප නායක), ජනුක රත්නායක, එස්.සුදේශාන්, ජනිත් රණසිංහ, එම්.අකිල්, එම්.අබ්දුල්ලා, බිමාෂ් සමරසිංහ, හේෂාන් බණ්ඩාර, නික් ෆොන්සේකා, ඉනුක වැවෙලියද්ද, සහවිද අතුකෝරල, මොහොමඩ් ෂහීඩ්, එම්.කයිෆ්, අංජන වීරසේකර, දිමුතු වීරසිංහ (ප්‍රධාන පුහුණුකරු), නිපුන රත්නායක (13න් පහළ පුහුණුකරු), ලලිත් කුමාර (ක්‍රීඩා භාර ආචාර්ය), හෙන්රි බර්නාඩ් විජේරත්න පියතුමා (විදුහල්පති)

නිරෝෂාන් ප්‍රියංකර

නව අදහස දක්වන්න