රාජපක්ෂ හොර නඩය තනිවම පැණිගොටුවේ රස බැලුවා | දිනමිණ

රාජපක්ෂ හොර නඩය තනිවම පැණිගොටුවේ රස බැලුවා

ඒකාබද්ධයට ආණ්ඩුව පෙරළීමේ අවශ්‍යතාවය තිබෙනුයේ ජනතාවට යහපතක් කිරීමට නොව තමන්ට පැණි කෑමට බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය. අවුරුදු විස්සක් කිරීමට නොහැකි වූ වැඩ කොටසක් පසුගිය වසර තුන හමාර තුළ අගමැතිවරයාගේ නායකත්වයෙන් සිදුකර ඇති බවද ඇමැතිවරිය ප්‍රකාශ කළාය.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ ඊයේ 14 දා රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරිය මෙසේ ද සඳහන් කළාය.

පොහොට්ටුව කියා ගන්නා ඒකාබද්ධ විපක්ෂයේ හිටපු ඇමැතිවරියක් කියලා තිබුණා පසුගිය දවසක මේ ආණ්ඩුව පැණි කන්නේ තව දවස් ගණනාවයි කියලා. හැබැයි ජනතාව දන්නවා මේ හොර නඩය නැවත බලයට එන්න උත්සාහ කරන්නේ මේ රටේ ජනතාවට යහපතක් කරන්න නෙමෙයි තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා ඉටු කර ගනිමින් තමන්ට පැණි කන්න විතරයි කියලා. ඒ ගොල්ලන්ගේ ඉතිහාසයේම කරලා තියෙන්නේ රාජපක්ෂ ඇතුළු හොර නඩයේ පැණි ගොට්ටේ රස බලපු එක විතරයි. මට කියන්න තියෙන්නේ පැණිවල රස දන්න නිසා මේ ගොල්ලන්ට ආණ්ඩු බලය නැතිව ඉන්න බැහැ. දුප්පතා වෙනුවෙන් නෙවෙයි මේ අය වැඩ කළේ රාජපක්ෂ පරම්පරාවට විතරයි මේ හොර නඩය වැඩ කළේ. මේ අය වැඩ කළේ රාජපක්ෂ පවුලත් ඔවුන්ට එහෙයි කියා ගන්නා පිරිසකගේ බලය වැඩිකර ගන්න විතරයි.

බලයේ හිටිය කාලයේදී ඔය කෑ ගහන අයගෙන් මට අහන්න තියෙන්නේ මොනවාද කළේ කියලා. අපි කිරිත් කනවා පැණිත් කනවා. හැබැයි ජනතාවටත් දීලා. පැණිවල රස දන්න නිසා මේ අයට පැණි කන්න බැරිව හිත් වේදනාවෙන් ඉන්නේ. අපි අපේ රජය පෞද්ගලිකව පැණි කන්නේ නැහැ. ජනතාවට සේවය කරනවා. අපිට කියන්න තියෙන්නේ මේ අයට ගොඩාක් කල් හීන දකින්න වෙයි. තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගන්න.

අදහස් 1ක් ඇත

KIYHUL PANIDA ? MEE PANIDA ? POL PANIDA ? UN KAWE ? PANI AHUUNOTH MAMATH HOREN HARI PANI KANAWA ????

නව අදහස දක්වන්න