නිදහස සමරා අංගම්පොර... | දිනමිණ

නිදහස සමරා අංගම්පොර...

අංගම්පොර- මෙරට ඉපැරණි දේශීය සටන් කලාවක් ලෙස ප්‍රචලිතය. මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයක දේශීය සටන් කලා ශිල්පීන් සුළු පිරිසකගේ කැපවීම මත ආරක්ෂා කරගෙන ඇති මෙම සටන් කලාව සම්බන්ධ ප්‍රදර්ශනාත්මක රංගනයක් පසුගියදා බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් සංවිධාන කෙරුණු ජාතික නිදහස් දින බදුල්ල දිස්ත්‍රික් සමරු උළෙලට සමගාමීව පවත්වන ලද මෙම සටන් කලා ප්‍රදර්ශනය ඉදිරිපත් කරන ලද්දේ වැලිමඩ ඌව පරණගම කොරදේකුඹුර ගම්මානයේ සියලු වැසියන් සහභාගි කරගෙන මෙම සටන් කලාවද සමඟින් දිනපතා ව්‍යායාම හා ශාරීරික සුවතා වැඩසටහනක් පවත්වාගෙන යන සටන් කලා ශිල්පී ජේ.ජයසුන්දර මහතාගේ මෙහෙයවීමෙනි.

එම දෛනික ව්‍යායාම වැඩසටහනට එක්වන කොරදේකුඹුර ගම්වාසීහු පිරිසක් මෙම සටන් කලා ප්‍රදර්ශනයට සහභාගි වූහ.

හාලිඇළ සමූහ- ආර්.එම්.විජේරත්න


නව අදහස දක්වන්න