මිද්දෙනියේදී වාහන තිහකට තහනම් නියෝග | දිනමිණ

මිද්දෙනියේදී වාහන තිහකට තහනම් නියෝග

මිද්දෙනිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක චන්දන කුමාර මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශයේ ස්ථානාධිපති සමීර මහතා විසින් හම්බන්තොට මෝටර් රථ පරික්ෂකවරුන්ගේ සහාය ඇතිව රථවාහන පරීක්ෂාවක් සිදුකරන ලදි 12 වන දින පස්වරුවේදී මිද්දෙනිය හුංගම මාර්ගයේ මුරුංගස්යාය ප්‍රදේශයේදී මෙම පරීක්ෂාව සිදුකරන ලදි. මෙහිදි මාර්ගයේ ධාවනයවූ මගී ප්‍රවාහන බස් රථ ටිපර් රථ හා අනෙකුත් වාහන පරීක්ෂා කරන ලදී.

එහිදී මෝටර් රථ පරික්ෂකවරුන් විසින් පරික්ෂාකරන ලද වාහනවල තිබූ වැරදි ලෙස අමතර අංගෝපාංග එක්කර තිබීම වැරදි ලෙස ධාවනය කිරීම අඩුපාඩු සහිතව ධාවනය කිරීම වැරදි අවබෝධ සහිතව වාහන භාවිතා කිරීම පිළිබඳව රියදුරන් දැනුම්වත් කරන ලද අතර වැරදි සහිත වාහන වල රියදුරන් සඳහා තහනම් නියෝග නිකුත් කරන ලදි. එම අඩුපාඩු දින දාහතරක් තුළ සකස් කර පෙන්වන ලෙසත් නොඑසේ නම් අධිකරණයේ නඩු පවරන බවටත් රියදුරන් දැනුම්වත් කරන ලදි. මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැහැදිලි කිරීමක් සිදුකළහම්බන්තොට මෝටර් රථ පරික්ෂක සී එච් කේ විමලචන්ද්‍ර මහතා අද සමහර රියදුරන් වාහන පදවන්නේ මාර්ග නීති හා මෝටර් රථ ආඥා පනත පිළිබදව කිසිදු දැනුමක් නොමැතිවයි.දැන් පරීක්ෂා කරපු කාර්යාල සේවා බස් රථයේ අනවශ්‍ය අංග රැසක් එක්කර තිබුණා. බස් රථයේ මැද හරියෙත් රූපවාහිනි යන්ත්‍රයක් සවිකර තිබෙනවා ඒ වගේම රියදුරගේ දකුණු අත තියාගෙන යන්න ආධාරකයක් සවිකරගෙන තියෙනවා. මෙම අය රිය ධාවනය කරනවිට දකුණු අත ආධාරකයේ තියාගෙන ගියර් මාරු කරන්න ඕනවෙනකොට සුක්කානම අතහැරල වම් අතින් ගියර් දානවා එවිට බස්රථය රියදුරාගේ පාලනයෙන් ගිලිහිලා අනතුරක් වෙන්න පුළුවන් අද අපි ඒවාගේ දේවල් ඉවත් කරන්න නියෝග කළා නැත්නම් ඉදිරියේදී නඩු පවරනවා මෙවන් පරීක්ෂාවන් අපි කරන්නේ මගී ජනතාවගේ වගේම රියදුරන්ගේත් ජීවිත ආරක්ෂා කිරීමටයි මාධ්‍ය මෙවන් අවස්ථාවන්වල අපිට දක්වන සහයෝගය තමයි ජනතාව වෙනුවෙන් කරන මේව පිළිබදව ප්‍රචාරයක් ලබාදීල රියදුරන් වාහන හිමිකරුවන් දැනුම්වත් කිරීම යැයි පැවසීය.

මැදමුලන සමූහ එච් ඒ පී සමරවික්‍රම

 

නව අදහස දක්වන්න